Saturday, June 23, 2012

Photoshop

එක් කාන්තාවක් පැරණි පින්තූරයක් ද රැගෙන ඡායාරූප ශාලාවේ කවුන්ටරය හමුවේ පෙනී සිටියේය.
‘මේ මගෙ මැරිච්ච මහත්තයගෙ පින්තූරේ. ඒක හොඳට පැහැදිලිව ලොකු කර ගන්ඩ මට ඕනෙ.’ කවුන්ටරයේ සිටි කළමනාකරු අමතා ඇය කීවාය.
‘ඔව් නෝනා, අපිට පුළුවන් ඒක කරලා දෙන්ඩ.’ කළමනාකරු කීවේය.
‘හැබැයි මේකෙ දාලා තියෙන තොප්පියට මං කැමැති නැහැ. ඒක අයින් කරලා දෙන්ඩ ඕනෙ.’ කාන්තාව කීවාය.
‘ඔව් ඒකත් කරලා දෙන්ඩ පුළුවනි. නෝනා කරුණාකරලා මට කියනවද මහත්තයා කොහොමද කොන්ඩේ පීරලා තිබුණේ කියල.’ කළමනාකරු විමසීය.
‘ඒක නං මට හරියට මතක නෑ. ඉතින් තොප්පිය අයින් කළාම ඔයගොල්ලන්ටම ඒක බලා ගන්ඩ පුළුවන් නෙ.’ කාන්තාව තොදොල් බසින් කීවාය.

No comments:

Post a Comment