අයෝමා තම පුතාගේ කාමරය අසලින් යන විට
පුතාගේ හඬ ඇසී කාමරයට එබිකම් කළ විට දක්නට ලැබුණේ කතරගම දෙවියන් ඉදිරියේ
වැද වැටී මොනවාදෝ මුමුණන තම පුත්‍රයායි’.
‘අනේ දෙවියනේ නේපල්ස් නගරය ඉතාලියේ අගනුවර කරන්න’ මේ විදියට කිහිප සැරයක් කියමින් දොඩවන තම පුත්‍රයා අසලට ගිය අයෝමා,
“මොකක්ද පුතේ ප්‍රශ්නය” යි ඇසුවාය.
“අනේ අම්මා මම ඊයේ ටෙස්ට් එකට ලිව්වේ ඉතාලියේ අගනුවර නේපල්ස් කියලයි’ ඒක එහෙම වෙන්න කියලා මම දෙයියංගෙන් ඉල්ලුවා” යි දරුවා කීවේය.
No comments:
Post a Comment