බණ්ඩප්පු හද්දා පිටිසර ගොවියෙකි.
ඔහු දිනක් තම අට හැවිරිදි පුතුද සමග එළදෙනක් මිලදී ගැනීමට ගියේය. එහිදී
එළදෙනගේ හිසේ සිට වලිගය දක්වාම
අතගා බැලූ බණ්ඩප්පු ඇයගේ කටත් හැර බැලුවේය.
" ඇයි තාත්තේ ඔය ? "
" එහෙම තමයි පුතේ... සල්ලි දීලා යමක් ගන්න කලින් හොඳට හොයලා අතගාල බලන්න ඕන. විශේෂයෙන්ම පණ ඇති සතෙක් ගන්න යනකොට.
තේරුණාද ? "බණ්ඩප්පු පුතාට කියා දුන්නේය.
දින කීපයකට පසු බණ්ඩප්පු එළවලු කොරටුවේ වැඩ කරමින් සිටියදී ඔහුගේ පුතා හති දාමින් දුවගෙන අවේය.
" තාත්තෙ... තාත්තේ...... අන්න අර ටවුමෙ කඩේට අලුතින් ඇවිත් ඉන්න අයියා අපේ අක්කව සල්ලිවලට ගන්න ඇවිල්ලා. ඉක්මනට යං !! "
No comments:
Post a Comment