Tuesday, December 25, 2012

Tickets please

පෙරහර බලන්න නුවරයන අයගෙන් කොළඹ කොටුව දුම්රිය පොළ පිරිලා. ටිකට් ගන්න දිග පෝලිමක්. පෝලිමේ ඇදෙන යාළු තරුණයෝ තුන් දෙනෙක් පිටුපසින් හිටියේ තරුණ කෙල්ලො තුන් දෙනෙක්. ටිකට් කවුළුව වෙත ළඟා වීමෙන් පසු තරුණයෝ තිදෙනා නුවරට ටිකට් තුනක් ගත්තා. ඒත් කෙල්ලෝ තුන්දෙනාම ගත්තේ එක ටිකට් එකයි.

චෙකර්ලා ආවොත් තමුසෙලා කම්මුතුයි තරුණයෙක් කීවා.

බලා ඉන්නවකො මොකද වෙන්නෙ කියලා කෙල්ලක් කීවා.

කෝච්චිය ආපු හැටියෙ සේරම දනිපනි ගාල කෝච්චියට ගොඩවුණා. හැමෝ ම ගොඩවුණේ එකම පෙට්ටියට. කෙල්ලො තුන්දෙනා මුලින් ම කළේ වැසිකිළි කුටියට රිංග ගන්න එක. රිංගගත්ත ගමන් ඔවුන් දොරත් වහගත්තා. දැන් කෝච්චිය ඇදෙනවා. අතර මගදි චෙකර්ලා ආවා.

ටිකට් ප්ලීස් කිය කිය ඔවුන් හැමෝම ළඟට ගියා. එක් අයෙක් වැසිකිළි දොරට තට්ටු කළා. ටිකට් ප්ලීස් ඔහු කීවා. දොර යන්තම් ඇරිලා ටිකට් එකක් තියෙන අතක් එළියට ආවා. චෙකර් එය පරීක්ෂා කොට පන්ච් කරල ආපහු දුන්නා. දොරවැහුණා.

මේ දර්ශනයෙන් තරුණයෝ තුන්දෙනා අන්දුන්කුන්දුන් වුණා. ආපසු එන ගමනෙදි මේ ක්‍රමය තමනුත් අනුගමනය කරන්න ඕන කියලා ඔවුන් කතා කරගත්තා.

ආපසු ගමන සඳහා නුවර දුම්රිය පොළට ආ ඔවුනට යළිත් අර කෙල්ලන්ව මුණ ගැහුණා. අපිත් මේ සැරේ කොළඹ යන්නෙ අර විදියට. අපිත් එක ටිකට් එකක් අරන් ලැට් එකට රිංගනවා. ඔවුන් කීවා.

අපි නම් මේ සැරේ එකක්වත් ගන්නෙ නැහැ කෙල්ලො තුන්දෙනා කීවා.

එක ටිකට් එකක් වත් ගන්නේ නැහැ! තරුණයෝ මවිතය පළ කළා. නිකං අමාරුවේ වැටෙන්න එපා! ඔවුන් එහෙම කීවෙ හිනාවෙමින්.

බලා ඉන්නවකො මොකද වෙන්නෙ කියලා කෙල්ලො තුන්දෙනා කීවා.

දුම්රිය වේදිකාවට ආ සැනෙන් කෙල්ලො තුන්දෙනා සුපුරුදු විදියට වැසිකිළියට රිංග ගත්තා. දොර වහගත්තා. ඊට ඉදිරිපසින් වගේ තිබුණු අනෙක් වැසිකිළියට තරුණයෝ තුන්දෙනා රිංගගත්තා. දොරවහගත්තා.

දුම්රිය ගමන ඇරඹුණා. ටික වේලාවකින් එක් කෙල්ලෙක් වැසිකිළියෙන් හෙමිහිට එළියට ආවා. ඉදිරි වැසිකිළි දොරට තට්ටු කළ ඇය හඬ වෙනස්කරල ටිකට් ප්ලීස්කීවා.

Identity

සූරියා තම කාර්යාලය කිට්ටුව පිහිටි බැංකුවකට ගොඩවුණේ චෙක්පතක් මාරු කරගන්නා අදහසිනි. චෙක්පත පිරික්සා බැලු කවුන්ටරයේ සිටි නිලධාරියා සූරියා දෙස බලා සර් ඔයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක දෙන්න. යනුවෙන් කීවේ හැඳුනුම්පත පරීක්ෂා කරන අදහසිනි.

අනේ මම අයිඩෙන්ටිය නං දාලා ආවෙ.සූරියා කීවේ ලැජ්ජාශීලී සිනාවක් මුවට නංවා ගනිමිනි.

හොඳයි එහෙනං, සර්ව හඳුනාගන්න මොකවත් සර් ළඟ තියෙනවද? නිලධාරියා කාරුණිකව ඇසීය.

මඳක් කල්පනා කළ සූරියා ලැජ්ජාවෙන් සිනාසී මෙසේ කීවේය.මගෙ දකුණු කලවේ උපන් ලපයක් තියෙනවා.

Protect our forests

වනාන්තර සුරැකීම පිළිබඳ පැයක පමණ දේශනයක් කළ මහාචාර්ය කැලෑසේන හිටිහැටියේම දේශනය නතර කොට ගැලරියේ සිටි පේ‍්‍රක්ෂකයන් අමතා මේ සභාවේ ඉන්න එක්කෙනෙක් හරි අපේ ජාතික සම්පතක් වන ගස් ආරක්ෂා කිරීමට එක පියවරක් හෝ ගෙන තිබෙනවාද ? යි ඇසීය.

සභාව නිරුත්තර වී මහා නිශ්ශබ්දතාවක් ශාලාව පුරා පැතිර ගියේ ය.

එහෙත් ඈත කෙළවරේ සිටි අයෙක් නැඟිට මම සතියකට ඉස්සෙල්ලා කොට්ටෝරුවෙකුට කැටපෝලයෙන් විදලා මරලා දැම්මා යි සිහින් හඬින් කීවේ ය.

Cardiologist's funaral

හෘද විශේසඥයෙක් හදිස්සියේම රෝගාතුර වෙලා මැරුණා.ඉතින් එයාගෙ නෑදෑයො ටික එකතුවෙලා ලස්සන හාට් එකක් වගේ හදපු මිනී පෙට්ටියක මිනිය දාලා වැහුවා.එතකොටම එතන හිටපු දොස්තරගෙ යාලුවෙක් හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා.කට්ටියම මේ මොකද කියලා ඇහුවම දොස්තර කිව්වා "මම නාරි හා ප්‍රසව විශෙසඥයෙක්" කියලා.

බය එකාටයි

ඇයි තමුසෙ කසාඳ නොබඳින්නේ? සිල්වා බාර් එකේ දී තම මිතුරු පෙරේරා ගෙන් විමසීය.

මං ගෑනුන්ට හරි බයයි. පෙරේරා වටපිට බලා හෙමින් පිළිතුරු දුන්නේය.

බය නැතුව බඳිනවා අයිසෙ. බැන්දහම තමුසෙට බය හිතෙන්නෙ එක ගෑනියෙක් ගැන විතරයි.සිල්වා කීවේ වීදුරුව හිස් කරමිනි.

Dreaming

මගේ බිරිය ඊයේ රෑ හීනෙන් දැකලා තියෙනවා එයා කෝටිපතියෙක්ව කසාද බඳිනවා සරත් ඔහුගේ මිතුරෙකුට කීවේය.

උඹ හරි වාසනාවන්තයි මචං ! මගේ බිරිය දවල් කාලයටත් හිතන්නේ එයා කෝටිපතියෙක්ව බැඳල කියලයි මිතුරා කීවේය.

Love

අංකල්! ආදරය නිසා හිත පෑරිලා පරාජිත තත්ත්වයකට පත්වුණු අවස්ථා ඔයාට තියෙනවාද ?

ඔව් දෙපාරක්. එක වතාවක් කෙල්ල මාව අත් හැරියා. අනෙක් වතාවේ කෙල්ල මාව අත්හැරියේ නෑ.

At bar!!

කෙසඟ මිනිසකු වූ සුමිත් තම බයිසිකලය රියගාලේ නවතා තබා බාර් එකට ගොඩ වූයේ හීන් අඩියක් ගැසීමේ අපේක්‍ෂාවෙනි. ඔහු බාර් එකේ සිට නිවෙස බලා යාම සඳහා ආපසු විත් බයිසිකලට නැඟීමට සැරසෙන විට කිසිවකු තම බයිසිකලයේ වාඩිවෙන අසුනේ රතු තීන්ත තවරා ඇති බැව් හදිසියේම දුටුවේය.
ඉමහත් කෝපයට පත් ඔහු බයිසිකලය එතැනම තබා ආපසු බාර් එකට ගොඩ වී, එහි තැන තැන අසුන් ගෙන සිටි අය දෙස බලා මෙසේ කෑගසා කීය.
කවුද යකෝ, මගෙ බයිසිකලේ සීට් එකේ තීන්ත අතුල්ලපු පාහරයා?

එවිටම එක් මේසයක අසුන් ගෙන සිටි හැඩිදැඩි සද්දන්ත මිනිසෙක් නැඟිට මෙසේ ඇසීය.
මමයි තීන්ත ගෑවේ. ඇයි තමුසෙ මොනවා කරන්නද?
නෑ ඒකට කමක් නැහැ. ඒත් ඔහේ දන්නෙ කොහොමද මම රතු පාටට ගොඩක් ආසයි කියල.
සුමිත් බයාදු ලෙස තට්ටය අතගාමින් ඇසීය.

House for sale

පෙරේරා තම නිවෙස විකිණීමට අදහස් කළේ වඩාත් සැපපහසු නිවෙසක් මිලදී ගන්නා ලෙස ඔහුගේ බිරිය කාලයක් තිස්සේ ඇවිටිලි කරනා බැවිනි. ඔහු එවැනි කටයුතුවලට ප්‍රසිද්ධියක් උසුලන වෙළෙඳ සමාගමකට එය භාර කළේය. පසුදින ජනපි‍්‍රය පුවත් පතෙක එම වෙළෙඳ සමාගම එම නිවෙස පිළිබඳ දැන්වීමක් පළකොට තිබුණි.

දැන්වීම කියවූ පෙරේරා කඩිනමින් වෙළෙඳ සමාගමට දුරකථන ඇමතුමක් දී තම නිවෙස විකිණීම වහාම අත්හිටුවන ලෙස දැන්වීය.

ඇයි මොකද වුණේ දුරකථන ඇමතුමට සවන් දුන් සමාගමේ කළමනාකරු විමතියෙන් ඇසීය.

තමුසෙලා මගේ ගේ ගැන ඒ දැන්වීමේ දාපු විස්තරේ කියෙව්වම තමයි මට තේරුණේ මමත් මෙච්චර කල් හොය හොයා හිටියේ ඒ විදියේ ගෙයක් විත්තිය. පෙරේරා කීවේය.

A teacher

එක් පන්තියක ගුරුවරයකු පාඩමක් බලා ගන්නා ලෙස සිසුන්ට උපදෙස් දී අසල පන්තියකට ගියේය. ඔහු ආපසු එද්දී තම පන්තියේ සිසුන් මහ හයියෙන් සිනා සෙමින්, ඝෝෂා කරමින් සිටිනවා පෙනුණි.

ඒයි... නිශ්ශබ්ද වෙයල්ලා... උඹලා ඔක්කොම මට හිනා වෙනවා නේද? යයි ඇසුවේ කෝපයෙනි.

අපොයි නෑ සර්... සිසුහු සියල්ලෝම එක හඬින් පිළිතුරු දුන්හ.

ගුරුතුමා සිසුන් දෙස විමතියෙන් මෙන් බලා මහ හඬින් මෙසේ ඇසීය.

එහෙනං වෙන මොනවද බොල මේ පන්ති කාමරේ ඇතුළේ හිනා වෙන්න තියෙන්නේ?

That's me

රෑ එකොළහට අවන්හල වැහැව්වාම සිරිපාල ගෙදර ආවේ, එදා අවන්හලේ දී හඳුනාගත් ගුණපාලත් එක්ක. සාක්කුවට අතදාලා යතුරත් අතට ගත් ඔහු කළුවරේම දොර ඇරලා බිත්ති අතපත ගාලා, ලයිට් එකක් දල්වලා ගුණපාලට කථා කළා.

ගුණේ මේ තියෙන්නේ මගේ ගෙදර. මේක තමයි මගේ සාලෙ. අර තියෙන්නේ මගේ ටීවී එක. මම ටීවී බලන්නේ, පත්තරයක් කියවන්නේ මේ හාන්සි පුටුවේ දිගැදිලා.


ඊළඟට ඒ කිට්ටුව තිබුණු කාමරයකට ඇතුළු වුණු ඔහු එහි විදුලි බල්බය දැල්වුවා. ඒ කාමරේ මැද තිබුණු ඇඳක නිදා සිටි ස්ත්‍රියකට ඔහු අත දික්කරලා මෙහෙම කිව්වා.


මේක අපේ නිදන කාමරය. මේක තමයි අපේ නිදන ඇඳ. ඔය නිදා ඉන්නේ මගේ වයිෆ්.
එතකොට අර කවුද? ගුණපාල ඇස් ලොකු කරලා අත දික්කළේ සිරිපාල ගේ බිරිඳ ළඟම ඇයට තුරුළු වී නිදා සිටි අයකු පෙන්වමිනි.ඉතින් ගුණේ ඒ මම නෙ. වෙන කවුද මගේ ඇඳේ ඉන්නෙ? සිරිපාල පිළිතුරු දුන්නා.

newly married couple

අලුතින් විවාහ දිවියට පා තැබූ ඉන්දිකා සහ අල්පොන්සෝ යුවළට ලැබුණු පළමු දරුවාගේ බර රාත්තල් තුනකට වැඩි නොවී ය. ප්‍රමාණයෙන් ද දරුවා ඉතා කුඩා විය.

අනේ... බබා හරි පුංචියිනෙ.දරුවා බැලීමට පැමිණි ඉන්දිකාගේ කාර්යාලයීය මිතුරියක වන සූරියා කීවා ය.

පුංචි නැද්ද අනේ. තාම අපි බැඳලා මාස පහක් වත් වුණේ නැහැනෙ ඉන්දිකා කීවා ය.

Your friend's Dog

සීනුව වැදුනු පසු ඉදිරි දොර වෙත ගිය චන්ද්‍රසේනට හමුවූයේ පැරණි මිතුරෙකු වූ මිත්‍රසේනයි. අප්පේ උඹව දැකපු කල්. වරෙං ඇතුළටයි කී විට මිත්‍රසේන සමඟ කිළුටු පෙනුමක් ඇති බල්ලෙක්ද නිවසට ඇතුළුවිය.

ඉතිං මචං දැන් උඹ මොනවාද කරන්නේ, කියපංකෝ විස්තර.

මෙසේ කතා කරමින් සිටියදී මිත්‍රසේන සමඟ පැමිණි බල්ලා නිවස තුළ එහේ මෙහේ දුවපනිමින් මුලින්ම කනප්පුව මත තිබූ වීදුරු මල්වාස් එක බිම දමා බිඳ දැම්මේය. ඉන්පසුව නිවස පුරා දුවපනිමින් වීදුරු බඩු කිහිපයක්ම බිඳ දැමීමට සමත්විය. ඉන්පසුව මිත්‍රසේන හිඳ සිටි සෝපාව මතට මඩ තැවරුනු පාද සහිතව පැන හොඳට හරි බරි ගැසී නිදාගැනීමට සැරසුණේය.

මේ සියල්ල ඉවසා සිටි චන්ද්‍රසේන මචං මිත්තරේ උඹේ බල්ලාව මීට වඩා හොඳට හැසිරෙන්න පුහුණු කළානම් හොඳයි නේද?යි ඇසීය.

එවිට මිත්‍රසේන මගේ බල්ලා,? මම මෙතෙක් වේලා කේන්තියෙන් තමයි බලා හිටියේ මේ උඹේ බල්ලා නෙවෙයිද? පුදුමයට පත්වෙමින් ඇසීය.

පොලිසියේ අලුත්ම පරීක්ෂණය

සර්කස්කාරයෙක් ඔහුගේ ඊළඟ සංදර්ශනය සඳහා යද්දී පොලිසිය විසින් ඔහු පදවා ගෙන ගිය මෝටර් රථය නතර කරන ලදී.

මේ ගිනිකූරු සහ පන්දම් ඔබේ රථයේ තියාගෙන ඉන්නේ ඇයි ? කියා පොලිස් නිලධාරියෙක් සර්කස්කරුගෙන් විමසා සිටියේය.

මම මගේ රංගනයේදී කටින් ගින්දර පිට කරනවා සර්කස්කරු පිළිතුරු දුන්නේය.

ආ. . . ඇත්තද ? පොලිස් නිලධාරියා සැකයෙන් කීවේය.ඒක කරලා පෙන්නන්න බලන්න

සර්කස්කරු ඉතා දක්‍ෂ අයුරින් කටින් ගින්දර පිට කරමින් රංගනයේ යෙදුණේය.

මේ අවස්ථාවේ එතැනින් යමින් සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ වාහනය මොහොතකට නතර කොට ඒ දෙස බලා සිටියහ.වෝව් ! රියැදුරු අසුනේ සිටි පුද්ගලයා ඔහුගේ බිරියට කීවේය.

හොඳ වෙලාවට මම විස්කි බීම නැවැත්තුවේ.බලන්නකෝ පොලිසිය දැන් දෙන පරීක්ෂණ දිහා.