Sunday, June 17, 2012

වීණා වාදනය

වික්‍රමාරච්චි සහ ඩග්ලස් දෙදෙනාම වාසය කළේ එකම බෝඩිමකය. ඩග්ලස් පුරුද්දක් ලෙස සෑම දිනෙකම බොහෝ රෑ බෝ වනතුරු වීණා වාදනය කළේය. දිනක් වික්‍රමාරච්චි ඩග්ලස් අමතා මෙසේ ඇසීය.
‘ඇයි තමුසෙ ගුවන් විදුලියෙ වීණා වාදනය කරන්ඩ යන්නෙ නැත්තෙ?’ ඩග්ලස් ගේ සිතෙහි එම පැනයෙන් මහත් උද්දාමයක් හට ගත්තේ ය. ඔහු ඉන් පිබිදී ආඩම්බරයෙන් සිනාසෙමින් මෙසේ ඇසීය.
‘ඇයි බං එච්චර හොඳට වීණා වාදනය කරනවද?’
‘නෑ ඒකමත් නෙමෙයි. තමුසෙ රේඩියෝ එකේ වීණා වාදනය කරන කොට අඩු ගණනෙ මට රේඩියෝ එක වහල දාන්ඩ පුළුවන් නෙ.’ වික්‍රමාරච්චි කීවේ කෝපය සඟවා ගනිමිනි.

No comments:

Post a Comment