Monday, August 27, 2012

Dream

සෝමලතාට දැන් අවුරුදු 40කට කිට්ටුයි.ඔළුවේ කෙස් ගස් එක දෙක ඉදෙන්නත් පටන් අරන්.ඇගේ අතගන්න කුමාරයෙක් තවමත් නැති එක ගැන ඈ සිටියේ බලවත් විස්සෝප ගතියකින්.

දවසක්දා නින්දෙදි සෝමලතා අපූරු හීනයක් දැක්කා.සිහිනෙන් රාජ කුමාරයෙක් ඇවිත් තමා අසුපිට නංවාගෙන ගමන් අරඹනවා ඈ දුටුවා.

ඔබ කොහෙද මාව මේ අරන් යන්නෙ?
සෝමලතා සතුටින් ඉපිලෙමින් කුමරාගෙන් ඇහැව්වා.

මං කොහොමද ඒක දන්නෙ.ඒක ඔයා දැනගන්න එපායැ.ඔයානෙ හීනෙ දකින්නෙ.
කුමාරයා කිව්වා.

No comments:

Post a Comment