Monday, September 24, 2012

Grandmother


Wednesday, September 12, 2012

Murders

ඔන්න ඉතින් දවසක් කුලියට මිනී මරන 3න් දෙනෙක් ප්ලෙන් එකක ගමනක් යනවලු. මෙ 3න් දෙනා ගාවම ආයුද එක ගානෙ තියෙනවලු.පලවෙනයා ගාව පොරවක්,දෙවෙනියා ගාව කඩුවක්,තුන්වෙනියා ගාව Grenade එකක්.ඔන්න ඉතින් ඔහොම යනකොට හදිසියේම ප්ලේන් එක චෙක් කරන්න පටන් ගත්තලු. ඉතින් මෙ 3න් දෙනාම පටස් ගාල ආයුද ටික ජනෙලෙන් එලියට විසි කරා.

ප්ලේන් එක ලැන්ඩ් කරට පස්සෙ මෙ 3න් දෙනාම කතා වෙලා “ආයුද ටික හොය ගන්න ඕන“ කියල වටපිට පොඩ්ඩක් චෙක් කරන්න පටන් ගත්තා.

ඔන්න ඉතින් පලවෙනියා දැක්ක අඩ අඩ ඉන්න ගෑනු ලමයෙක්. ඉතින් එයා ලගට ගිහින් ඇහුව “ඇයි අඩන්නෙ” කියලා .
ඉතින් ඒ ගෑනු ලමයා අඩ අඩ “අහසින් පොරවක් වටිල මගෙ බල්ලා මරුනා'' කිව්වලු.

ඔහොම හොය හොයා යනකොට හොදටම බයවෙලා ඉන්න ලමයෙක් දැකලා, දෙවනියා ගිහින් ඇහුවලු මොකද ප්ර ශ්නෙ කියල. ඉතින් ඒ ලමයා “මගෙ කාර් එකෙ Driver ගෙ ඔලුවට කඩුවක් වැටිලා මරුනා” කිව්වලු.

තව ටිකක් හොයනකොට තුන්වෙනියා දැක්ක බිම පෙරලි පෙරලි හිනාවෙන පොඩි එකෙක්. ඉතින් මෙය පොඩි එකා ලගට ගිහින් අහුව ඇයි ඔය ඔච්චර හිනා වෙන්නෙ කියලා. මෙන්න එතකොට එ පොඩි එකා කියපි “අපේ තාත්තා ප*යක් ඇරියා එතකොට මුලු ගේම පිපුරුනා”!!

what you think

එ දින පෝය නිවාඬු දිනයක් වු බැවින් රාඡකාරිය සඳහා පැමින සිටියේ
එම ආයතනයේ ලිපිකරුවෙකු වු සෝමදාස සහ පරිඝනක ලේඛිකාවක් වු රම්‍යලතා පමණකි.
මුඵ ආයතනයම පාඵවට ගොස් තිබුණි.
පරිඝනක ලේඛිකාවක වු රම්‍යලතා තම පරිඝනකය
අතරින් හිස ඔසවා බැලු විට එකපාරටම ඇයට දැකිය හැකි වුයේ.
තමා දෙස බලාගෙන කල්පනාවක වැටී සිටින සෝමඳාසය.
රම්‍යලතා: මොනව ගැනද ඔයා ඔච්චරටම හිත හිතා ඉන්නේ..
සෝමඳාස: මම හිත හිතා ඉන්නෙත් ඔයා ඔය හිත හිතා ඉන්න දේම තමයි..
රම්‍යලතා: මේ..ඕවට විතරක් එන්න එපා හරිද මම කෑ ගහනවා මුලු ඔෆිස් එකටම ඇහන්න.

Professor

සියලු දේ අමතක වන මහාචාර්යවරයා
එදින නම් පංතියට ආවේ පාර්සලයක්ද අතැතිවය.
අද මං ඔයගොල්ලන්ට පෙන්නන්න කොටස්වලට කපපු ගෙම්බෙක්ව ගෙනාව.
අපි දැන් සීරුවෙන් උගේ කොටස් බලමු.
එසේ කියු මහාචාර්යවරයා තමා අතවු පාර්සලය හෙමීට ලිහන්න විය.
නමුත් එතුළ වුයේ සැන්ඬ්විච් පෙති දෙකක් හා තැම්බු බිත්තරයකි.
"මොනවා... මේක වෙන්න බැහැ.මට හොදට මතකයි දැන් ටිකකට කලින් මං මගේ උදේ කෑම එක කෑවා.."
මහාචාර්යවරයා පුදුමයෙන් කීවේය.

Tuesday, September 11, 2012

සතාගෙ හැටි

තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් සුනිල් පියල්ට පහර දුන්නේය.
බරපතල ලෙස තුවාල ලැබූ පියල් සුනිල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.
"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා සුනිල්ගෙන් විමසුවේය.
ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..
තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?
දැනට අවුරුද්දකට විතර ඉස්සර
"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?"
"ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" සුනිල් කියාගෙන ගියේය.

Monday, September 10, 2012

Rat

මීයා ඉතා ප්‍රයෝජනවත් සතෙක්ය. ඒ නිසා මීයාට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රධානය කර ඇත. මීගමුව, මීපේ, මීතොටමුල්ල, මීමැඩුම. එයින් සමහරක්ය. මී ගුල් වල මුරට ඉන්න මීයන් බොහෝ දෙනෙක් මී මුරේ වේ. එහෙත් මීයෝ වැඩිපුරම ඉන්නේ මීගොඩය. මීයාට ලග්නයක් ඇත උන්ගේ ලග්නය මීනය. මීයන්ට සෑදෙන වන මීවන වන අතර මීයන්ගේ සම මීසම වේ. මීයෝ නාන්නේ බක්මීවැවේය

මීයන් මැහුම් ගෙතුම් වලටද දක්ෂය ඒ සඳහා යොදාගන්නා කතුරු මී කතුරු ලෙස හඳුන්වනු ලැබේ. මීයාගේ හොටු වලින් මී ඉටිද, පැණි හලන මීයන්ගේ පැණි වලින් මී පැණිද, කිරි වලින් මී කිරිද නිෂ්පාදනය කරණු ලැබේ. කඳුකරයේ වෙසෙන මීයන් ඉඳහිට දුමක් පිට කරයි එයට මීදුම යයි කියනු ලැබේ. මීයා අරක්කු නිෂ්පාදනයට සමත්ය. ඒවා මීවිත, මීරා වැනි නම් වලින් හැඳින්වේ.

සමහර මීයන් බොහෝ හික්මුනු ගති පැවතුම් ඇත්තෝය. ඔවුන් හික්මීයන් ලෙස හඳුන්වනු ලැබේ. සමහර මීයෝ අනුන්ට කරදරකාරී ලෙස ජීවත්වේ ඔවුන් මීවද ලෙස හැඳින්වේ. එළවළු වවන මීයන් බටු මීයන් ලෙසද, කොස්ගස් හන්දියේ මීයන් කොස් ඇට මීයන් ලෙසද, සත්ව පාලනයේ යෙදෙන මීයෝ ඌරූ මීයෝ ලෙසද, හඳුන්වනු ලැබේ. මීයාට නෑයන් වෙන ඉගිලෙන මීයන් විශේෂයක්ද ඇත ඒ මී මැස්සෝය. මීයාගේ ලොකුම විශේෂය මී හරක්ය. මීයාගේ යාළු සතා මීමින්නා ය.

බොහෝ මීයෝ උන කාරයෝය උන්ට මී උන ඇතැයි සමහරු කියති. මීයාගේ ගෑණු සතා මීනාය. මීයාගේ සීයා මී මුත්තාය, ආච්චි මී ආච්චිය, මාමා මීමාය, මීයෝ පාටී දාන්න එක් රැස් වෙන්න කැමතිය. ඒවට කියන්නේ මීටින් කියාය. මීයන්ගේ බර මනින්නේ මීටර් වලින්ය. මීයන් විසින් සොයාගත් වායුවක් ඇත. එහි විද්‍යාත්මක නාමය මීතේන්ය. මීයාගෙන් රෝගද බෝවේ. මීමැස්මොරය ඉන් ප්‍රධානය. මීයා අකමැතිම ආහාරය මී පාසානම්ය.

මී බබාලා උන්ගේ අම්මලා ට ආදරේට කියන්නේ අම්මී හෝ මමී කියලා ය. මීයා කාගේ හරි පස්සෙන් යනවිට ෆලෝමී කියාද, කාගෙන් හෝ අවසර ගන්නාවිට එක්ස්ක්‍යුස්මී කියාද, කතා කරන විට ටෙල්මී කියාද කියන අතර, මීයාට කේන්ති ගිය විට කිල්මී කියයි. මීයාගේ කැමතිම ගීතය මී පිරුණු සුවද මල් වනේය. මීයාගේ ප්‍රියතම ආහාරය කොත්තු මී වේ. එමෙන්ම මීයා අතුරු පස ලෙස මී අඹ කෑමට කැමතිය.

Grandfather

ඔන්‍න‍ අවුරුදු 75 ක් විතර වෙන ඉලන්දාරියෙක් (වයස උනාට සල්ලි ආකරේ) අවුරුදු 28 ක විතර ලස්සන කෙල්ලෙක් බැඳගත්තා.
මිනිහට ඒ විතරක් නෙමෙයි, ළමයෙකුත් හදන්න ඕනෑ උනා!
ආයෙත් එකඑකාගේ උපදෙස් ගන්නේ මොකටද කියලා මූ කෙලින්ම ඩොකෙක් හම්බුවෙන්න ගියා.
"ඩොක්ටර් මට දැන් 75 ක් වෙනවා, මගේ නෝනට 28යි, ඉතින් අපි දෙන්නට බබෙක් හදන්න පුළුවන්ද?" මේකා 25ක කොල්ලෙක්ගේ ටෝකක් දැම්මා!
"ඔහේට දැන් ගොඩක් වයසයිනෙ, ඔය වෙනකොට ළමයි හදන්න ශක්තියක් නැහැ. ඕනම නම් ඉතින් අරන් හදා ගන්න තමයි වෙන්නෙ!"
ඩොකා පැහැදිලි කරා.
මිනහා හෙන අප්සෙට් එකේ ගෙදරගියා.
ඔහොම මාස කීපයක් ගෙවිලා යද්දී ගෑනිට බබෙක් හම්බුවෙන්න අවා.
මූට මාර හැපී, එ එක්කම අර ඩොකා එක්කත් හෙන තරහක් ආවා!
මිනිහා ආයෙත් ඩොකා හම්බුවෙන්න ගිහිල්ලා ඌව නෝන්ඩි කරන්න පටන්ගත්තා.
"හහ්, ඔහේ දන්නේ මොනවද? මට මොකුත් බෑ කිව්වනේ. කොහොමද දැන් මගේ වැඩ! අන්න අපේ නෝනට බබෙක් ලැබෙන්නයි යන්නේ"
"හරි හරි මහත්තයා ඔහොම වාඩි වෙන්න, මං පොඩි කතාවක් කියන්නම්" ඩොකා කතාවක් කියන්න පටන් ගත්තා!
"ඔන්න එක දවසක් පිස්සු මිනිහෙක් තුවක්කුවක් වෙනුවට කුඩයක් අරන් දඩයමේ යන්න පිටත් උනා"
ඩොකා කියාගෙන යනවා. අපේ පොරත් අහගෙන ඉන්නවා.
"ඔහොම යනකොට එකපාරටම මිනිහා ඉස්සරහට සිංහයෙක් පැන්නා, පිස්සු මිනිහා පොඩ්ඩක්වත් බය උනේ නැහැ, කුඩේ උලුක්‌ කරලා ඌට වෙඩි තිබ්බා, සිංහයා වෙඩි වැදිලා එතනම මළා."
"එක නම් වෙන්න බැහ දොස්තරමහත්තයෝ, ඒක කොහොමටවත් වෙන්න බැහැ, ෂුවර් එකටම අහල පහල හිටපු එකෙක් වෙඩි තියන්න ඇති!" මිනිහා එක පාරටම මැදට පැන්නා.
ඩොකා හීන් හිනාවක්‌ දැම්මා!
"හරියටම හරි මහත්තයෝ, ඔහේ හරියටම හරි"
ඩොකා හීන් හිනාවක් දාලා කිව්වා!

Unknown number

නොදන්න Number එකකින් ගෑණු
ළමයෙක්ට Call එකක් ආවා.ඉතින්
මෙයා Call එකට Answer
කලා,එහා පැත්තෙන්
ඇහුනේ පිරිමියෙකුගේ කටහඩක්
නොදන්න අමතන්නා : ඔයාට පිරිමි
ළමයෙක් ඉන්නවද?
ගෑණු ළමයා (ටිකක් සැරෙන්) : ඔව්
ඉන්නවා,ඇයි අහන්නේ? ඔයා කවුද?
නොදන්න අමතන්නා : මම
ඔයාගේ ලොකු අයියා,ඉන්නවා ගෙදර
එනකම්...
තව ටිකකින් තවත් නොදන්න Number
එකකින් Call එකක් ආවා,ගෑණු
ළමයා ඒ Call එකටත් Answer
කලා,මේ පාර ඇහුනේ තවත්
නොපැහැදිලි පිරිමි කටහඩක්.
නොදන්න අමතන්නා : ඔයාට පිරිමි
ළමයෙක් ඉන්නවද?
ගෑණු ළමයා : නෑ නෑ මට පිරිමි
ළමයෙක් නෑ...
නොදන්න අමතන්නා : මොනවා???
ඔයාට පිරිමි ළමයෙක් නෑ? එතකොට
මම කවුද?
ගෑණු ළමයා : අනේ සොරි
පැටියෝ...මම හිතුවේ ලොකු
අයියා කියලා,ඒකයි එහෙම කිව්වේ.
නොදන්න අමතන්නා : ඔව් මම ලොකු
අයියා තමා,ඉන්නවකෝ මම ගෙදර
එනකම්... 

Sunday, September 9, 2012

School inspector


Mental hospital

දවසක් පිස්සන් කොටුවේ එක වාට්ටුවක් බාර දොස්තර මහත්තයෙක් එතනින් ඇවිදන් යනකොට එක පිස්සෙක් පිහියක් උලුක් කරගෙන දොස්තර දිහාට දුවගෙන ආවා, මේක දැකපු දොස්තර හොදටම බයවෙලා දුවන්න පටන් ගත්තා.
පිස්සත් අතඇරියේ නෑ. පස්සෙන්ම දිව්වා පිහියත් දික් කරගෙන. අන්තිමේදි දොස්තර දුවලා දුවලා එක තැනක හිරවුනා. එතනින් වෙන කොහාටවත් දුවන්න බෑ. පිස්සත් දැන් ලගටම එනවා.
දොස්තරත් හොඩටම බය වෙලා ඇස් දෙක වහගත්තලු දැන් ඉතින් ඉවරයි කියලා හිතාගෙන. හොරා ඉතින් ලගට ඇවිල්ලා හති දම දමා මෙහෙම කිව්වලු.

පිස්සා : හොදයි දොස්තර මහත්තයෝ. දැන් ඔයා මේ පිහිය අරගෙන මගේ පස්සෙන් එළවන්න. මන් දුවන්නම්

At classroom

පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

"මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

"හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..

UNP??

දැන් ලංකාවෙත් හොට් එයා බැලූන් රයිඩ්ස් තියෙනවනෙ. ගෑනු කෙනෙක්ට ඕනෙ උනාලු තනියම බැලූන් රයිඩ් එකක් යන්න. ඉතිං බැලූන් රයිඩ් ඕගනයිස් කරන එකා ගෑනිට අවශ්ය ඔක්කොම උපදෙස් දීල කොම්පස් එකකුත් අතට දීල බැලූන් එකේ නග්ගලා.

කොහොම හරි ටික දුරක් යද්දි තමා ගෑනි දැනගෙන තියෙන්නේ කොම්පස් එක නැති වෙලා කියල. දැන් මෙයා ඉන්න තැනක් දන්නෙත් නැතිලු. තමන් දැන් යන්නෙ මූද උඩින් කියන එක විතරමලු මෙයා දන්නේ.

ඔය අස්සෙ ගෑනි දැක්කලු මූදේ බෝට්‍ටුවක බුවෙක් ඉන්නවා. ගෑනි කෑගහල ඇහුවලු " අනේ මට උදවුවක් කරනවද? මම යාලුවෙක්ට පොරොන්දු උනා පැයකින් හම්බ වෙන්න එනව කියල. ඒත් මම දැන් ඉන්න තැන දන්නෙ නෑ" කියල.



බුවා ටක්ගාල බෝට්‍ටුවෙ තියෙනේ ජීපීඑස් සිස්ටම් එක බලල කිවුවලු "ඔයා ඉන්න බැලුම හරියටම තියෙන්නෙ පොලවට අඩි 30 ක් උඩින්, මේ වෙලාවෙ හුලං ස්පීඩ් එක පැයට සැතපුම් 5 යි. ඔයා අක්ශාංෂ 7.4 උතුරින්, දේශාංෂ 80.5 නැගෙනහිරින් ඉන්නෙ" කියල.

ගෑනි : ඔයා UNP සපෝටර් කෙනෙක් නේද?

බුවා : ඔව්, ඔයා කොහොමද එක පාරටම දැනගත්තේ?

ගෑනි : උඹ මට කිවුව හැම දෙයක්ම තියරියෙ හැටියට හරි. ඒත් ප්‍රැක්ටිකල් නෑ. උඹ දුන්න එකම ඉන්ෆොමේශන් එකකින්වත් මට වැඩක් නෑ. මම තාම ඉන්න තැන දන්නෙත් නෑ. යන විදිය දන්නෙත් නෑ. උඹගෙන් මට සත පහක වැඩක් උනේ නෑ

බුවා : ආහ් ඔයා සන්ධානෙ සපෝටර් කෙනෙක් නෙ

ගෑනි : ඔයා කොහොමද ඒක දැනගත්තේ?

බුවා : ඔයා ඉන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ, යන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ. ඔයා පොරොන්දු දීල තියෙනව ඉෂ්ඨ කරගන්න බැරි විදියේ. දැන් ඔයා හිතනව මම ඔයාගෙ ප්‍රශ්න විසදන්න ඕනෙ කියල. තාමත් ඔයා හිටිය තැනමයි. ඒත් ඔයා කර ගත්ත දේවල් වලට වැ‍රැද්ද මගේ පිට පටවන්න හදනවා.


'මගේ ලෝකය' බ්ලොග් එකෙන්

Pond

ඈත පළාතක ගොවිපලක තරමක් විශාල පොකුණක් තිබිණ . දිනක් විනෝද ගමනක් යන කාන්තාවන් පිරිසක් මේ පොකුණට බැස නාන්නට විය. හදිසියේම පොකුණේ අයිතිකරු එනු දුටු කාන්තාවෝ පොකුණේ ඈතට පින යන්නන්ට වුහ. ගොවිපල අයිතිකරු තමන් දෙස බලනු දුටු එක කාන්තාවක් මෙසේ කිවය.
"මහත්තය කරුණාකරලා ඔතනින් එහාට යන්න නැත්නම් අපි ගොඩට එන්නේ නෑ..."
" මම මේ තමුසෙලා නානවා බලන්න අවේ නෑ ..පොකුණේ ඉන්න මගේ
කිබුලන්ට කෑම ටිකක් දාල යන්නයි අවේ"

Reason why never visit a 5* Hotel

Reason why never visit a 5* Hotel !!

Question : "What would you like to have ..Fruit juice, Soda, Tea, Chocolate, Milo, or Coffee?"

Answer : "tea please"

Question : " Ceylon tea, Herbal tea, Bush tea, Honey bush tea, Ice tea or green tea ?"

Answer : "Ceylon tea "

Question : "How would you like it ? black or white ?"

Answer : "white"

Question : "Milk, Whitener, or Condensed milk ?"

Answer: "With milk "

Question : "Goat milk, Camel milk or cow milk"

Answer : "With cow milk please.

Question : " Milk from Freeze land cow or Afrikaner cow?"

Answer : " Um, I'll take it black. "

Question : " Would you like it with sweetener, sugar or honey?"

Answer : "With sugar"

Question : " Beet sugar or cane sugar ?"

Answer : "Cane sugar "

Question :" White , brown or yellow sugar ?"

Answer : "Forget about tea just give me a glass of water instead."

Question: "Mineral water or still water ? "

Answer : "Mineral water"

Question : "Flavored or non-flavored ?"

Answer : "I'll rather die of thirst "

Saturday, September 8, 2012

At funaral

ඔන්න ඉතින් දවසක් මෑන්ස් කෙනෙක් ගමේ තිබ්බ මල ගෙදෙරකට ගියාලු.
ඒ ගෙදෙර මිනිස්සු බොහොම දුකෙන් ලු හිටියේ. කව්රුත් ඉතින් අඩා ගත්ත මුනෙන් තමයි හිටියේ .
අපේ මෑන්ස් ටත් මාර අප්සෙට්. මිනිහා ඒ ගෙදෙරින් එලියට ඇවිල්ල තව ටික දුරක් යද්දී මෙන්න තවත් මල ගෙයක්ලු.
ගමේ හින්දා නොගිහිනුත් බැරි හින්දා ගියාලු. හැබැයි මේ ගෙදෙර එන අයට පුදුම සැලකිලි. හොදට කන්න දෙනවා.
ඒ විතරක් නෙමයි බොන්නත් දෙනවා.
කව්රුත් මල ගෙයක් වුනාට කිසිම දුකකින් නෙමයි හිටියේ. අපේ මෑන්ස් ටත් මාර හැපි. මිනිහා හොදට කාලා බිලා මෙන්න ආයිත් කලින් මල ගෙදෙට්ට ගියාලු.
ගිහිල්ලා හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වලු
" අඩෝ මේවද මල ගෙවල් ? අන්න මල ගෙවල් ? පුලුවන්නම් විතරක් වැඩක් පටන් ගනින්? බැරි වැඩ කරන්න එපා. අරන් පලයන් ඕකත් අර ගෙදෙට්ට "

Friday, September 7, 2012

Told it directly

මචන් උඹ මේ මාසේ බඳිනවා කියල කිව්ව නේද? දැන් මොකද ඒකෙ තත්වේ? වැඩේ කෙරීගෙන යනවද හොඳට?

ඒක හරියන්නේ නෑ මචන් අප්සෙට් ගියා.

ඒ මොකද? කොහොමද අප්සෙට් ගියේ?

කෙල්ලගේ තාත්ත අහපු ප්‍රශ්නෙකට මං කෙලින් උත්තර දුන්න. මිනිහ අප්සෙට් ගියා.

ඒ මොකද මොනවද මිනිහ උඹෙන් ඇහුවේ?

මිනිහ මගෙන් ඇහුව දැන් ඔය ළමය බැඳලා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කියල