Saturday, July 28, 2012

Tomato

ගුරුතුමිය : ළමයි මට කියන්න බලන්න තක්කාලි කියන්නේ එලවලුවක්ද , පළතුරක්ද...

අමරේ : මම දන්නවා ටීචර්...

ගුරුතුමිය : බොහොම හොදයි අමරේ පුතා කියන්න බලන්න තක්කාලි කියන්නේ එලවලුවක්ද , පළතුරක්ද කියලා..

අමරේ : අයියෝ ටීචර් තක්කාලි කියන්නේ එළවලුවක්නේ..

ගුරුතුමිය : ඇයි පුතා කියන්නේ තක්කාලි කියන්නේ එළවලුවක් කියලා...

අමරේ : අයියෝ ටීචර් එකවත් දන්නේ නැද්ද තක්කාලි විකුනන්න තියෙන්නේ එලවලු කඩ වල විතරනේ

Thursday, July 19, 2012

Mother-in-law

අපේ නැන්දම්මව මට පේන්න බෑ මචං
අරුණ,මනෝජ් සමඟ කිව්වේ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය.

එහෙම කියන්න එපා බං. නැන්දම්මා නැත්තං උඹට, උඹේ වයිෆ් නිශාන්ති කොහෙන්ද?

ඒ හින්දම තමයි බං, මට ඔය ගෑනි පේන්ඩ බැරි.අරුණ කීවේ කෝපයෙනි.

At court

හොර සුරා පෙරීමේ වරදට තමා හමුවට පමුණවනු ලැබූ විත්තිකරු දෙස තියුණු බැල්මක් හෙළූ විනිශ්චයකරු ගැඹුරු හඬකින් මෙසේ කීය.
එක අවුරුද්දක් ඇතුළත තමා එකම වරදට මේ උසාවියෙදි මා ඉදිරියට ආ 5 වැනි වතාව මේක.
ඇත්තටම තමාට මේ ගැන ලැජ්ජා හිතෙන්නෙ නැද්ද?

තමුන්නාන්සෙ වෙන උසාවියකට මාරුවෙලා යන්නෙ නැතුව මෙහෙම ඉන්නවට ඉතින් මං මොනවා කරන්ඩද?
විත්තිකරු නඩුකාරවරයා දෙස බලා හිස කසමින් කීවේය.

Fishing

කාලයක් සකලසේන මහත්තයා තම මිතුරෙක් සමග එක්ව මාළු බෑමේ
යෙදී සිටියේය. එහෙත් ඒ කාලය මාළු යහමින් ලැබෙන කාලයක් නොවීය .
දිනක් හදිස්සියේම මේ දෙදෙනාට මාළු නිතර ගැවසෙන තිප්පොළක් හසුවිය.

ඇතිතරම් මාළු අල්ලාගැනීමෙන් පසු මෙසේ පැවසූ මිතුරා බෝට්ටුව පතුලේ
කතිරයක් සලකුණ යෙදීය.

මිතුරා කලේ මෝඩ වැඩක බව වටහාගත් සකලසේන මිතුරාට බනිමින්
මෙසේ කියන්නට විය.

මොකක්ද තමුසේ කලේ ? දැන් ඉතින් මේ බෝට්ටුව හයර් එකට ගන්න
හැම එකාම මාළු ඉන්න තැන දැනගන්නවනේ ?

Thursday, July 5, 2012

Simple maths

සිරිපාල: හාමුදුරුවනේ, මිදි කන එක පවක්ද?
හාමුදුරුවෝ: නෑ
සිරිපාල: එතකොට වතුර බොන එක?
හාමුදුරුවෝ: අපෝ නෑ
සිරිපාල: එහෙනම් මිදි වලට වතුර දාල පල්කරලා පෙරලා හදන වයින් බිව්වම පව් වෙන්නේ කෝමද?
හාමුදුරුවෝ: සිරිපාල, උඹට මේ පස් ටිකකින් මන් ගැහුවොත් රිදෙනවද?
සිරිපාල: නෑ
හාමුදුරුවෝ: එහෙනම් වතුර ටිකකින් ගැහුවොත්
සිරිපාල: හෙහ්! නෑ හාමුදුරුවනේ
හාමුදුරුවෝ: එහෙනම් මේ පසුයි, වතුරයි දාල වේලලා ගඩොලක් හදල ඒකෙන් උඹට ගැහුවොත් රිදෙනවද?

 ((හුටා )) !!!

I can't, i'm not..

සැමියා නිවසට එන විට බිරිඳ අල්මාරිය අසලය. "අනේ ඩාලිං, මම මේ ඔයා එනකල්මයි බලා හිටියේ. මේ බලන්න මේ අල්මාරියේ තට්ටුවක් ගැලවිලා. ඔයාට පුළුවන්ද ඒක හදලා දෙන්න."

"අනේ මට බැහැ. මම වඩුවෙක් නෙමෙයිනේ," සැමියා කීවේය.

පසුදා සැමියා වැඩ ඇරී එන විට බිරිඳ නාන කාමරයේ රෙදි සෝදමින් සිටියාය. "අනේ මේ බලන්න මේ වතුර පයිප්පෙ කැඩිලා. ඒක හදලා දෙන්නකෝ," බිරිඳ ඉල්ලා සිටියාය.

"මට නම් බැහැ. ඔයා කරගන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ."

ඊළඟ දිනයේ ඔහු එනවිට, කුස්සියේ විදුලි පහන පිළිස්සී ඇත. "ඩාලිං, මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ."

"ඔයාට පිස්සුද? මට නම් බැහැ ඕවා කරන්න. විදුලි කාර්මිකයෙක් හොයා ගන්න."

ඊළඟ දිනයේ ඔහු නිවසට එන විට බිරිඳ ප්‍රීතියෙන් උතුරා යමින් සාලයේ හිඳගෙන සිටියාය. "අල්ලපු ගෙදර කොල්ලා හරිම හොඳයි. මිනිහා හරි වැඩකාරයා. මගේ අල්මාරියයි, වතුර පයිප්පෙයි, කුස්සියේ විදුලි පහනයි ඔක්කොම හදලා දුන්නා," බිරිඳ කීවාය.

"ඇත්තද? සල්ලි කීයක් දුන්නද?" සැමියා ඇසීය.

"පිස්සුද අනේ? එයා සෙල්ලි ගන්න කෙනෙක් නෙමෙයි."

"ඉතින් මිනිහා නිකම්මද මේ ඔක්කොම කළේ?"

"නැහැ අනේ, මිනිහා හරි කට්ටයා. මිනිහා කියනවා එක්කෝ එයා කියන ජාතියේ කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැතිනම් එයාය හාද්දක් ඕනෙලු."

සැමියා කලබල විය. "හරි මිනිහෙක්නේ. ඉතින් ඔයා මොන ජාතියේ කේක් ගෙඩියක්ද හදලා දුන්නේ?"

"ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනෙක්ද?" බිරිඳ සැහැල්ලුවෙන් ඇසුවාය

Wednesday, July 4, 2012

Marketing

මාකටිං ජොබ් එකට කරපු බුවෙක් මැරිලා. දැන් දෙයියොන්ට හිතා ගන්න බැහැලු මූව යවන්නෙ දිවියලෝකෙටද අපායටද කියල. මොකද මූ පව් පින් සම සමව කරල තියෙන නිසා. අන්තිමට දෙවියො තීරණය කරාලු මේ බුවාටම ඩිසයිඩ් කරන්න දෙනව යන්නෙ කොහෙද කියල.

දෙවියෝ : තමන් යන්න කැමති දිවියලෝකෙටද? අපායටද?
බුවා : මට දිවියලෝකෙ බලන්න පුලුවන්ද?

දෙවියෝ බුවාව දිවියලෝකෙ වටේ එක්කගෙන යනවලු. පසුබිමෙන් ක්ලැසිකල් මියුසික් එනවලු. දිවියලෝකෙ ඉන්න හැමෝම හෙන ක්ලාසි විදියට ඇඳගෙන පලතුරු කකා ඉන්නවලු. හරිම නිස්කලන්ක ගතියක්ලු තියෙන්නෙ. බුවාට හිතුනලු කෝකටත් අපායත් බලල එන්න ඕනෙ කියල.

බුවා : මට අපායත් බලන්න පුලුවන්ද?
දෙවියෝ : ඔය කෙලවරේ තියෙන ලිෆ්ට් එකට නැගල බේස්මන්ට් බටන් එක ඔබන්න

බුවත් එහෙම කරල ආවලු අපායට. අපාය කියන්නෙ තනිකරම ක්ලබ් එකක් වගේ පට්ට පාටියක්ලු. ඇති වෙන්න බොන්න තියෙනවලු. හෙන සද්දෙට රොක් මියුසික් එහෙමත් දාල පට්ට හැපනිං පාටියක්ලු. ඉන්න හැම එකාම කුනුවෙන්න බීල හෝ ගාල නටනවලු පිස්සු හැදිල වගේ.

දැන් බුවා හැරිල ආයෙත් ආවලු දෙවියො හම්බවෙන්න.

දෙවියෝ : තමන් තීරණයක් ගත්තද?
බුවා : දිවියලෝකෙ කොච්චර සිරා උනත්, මට හොඳටම මැච් වෙන්නෙ අපාය තමා. මම එහෙ යනවා

දෙවියොත් බුවාගේ තීරණයට ඉඩ දීල බුවාට යන්න දුන්නලු අපායට. අපායට බුවා ආව ගමන් බුවාව අල්ලලා කූඩුවක දාල අත පයට දම්වැල් එහෙමත් දැම්මලු. දැන් බුවාට හිතාගන්නත් බැරිලු මොකද මේ උනේ කියල. බුවා එතනින් යමපල්ලෙක් යනකම් බලන් ඉඳල

බුවා : ශ්.. මල්ලි
යමපල්ලා : ඇයි?
බුවා : කෝ අර මෙහේ තිබ්බ පාටි?
යමපල්ලා : ආ ඒ අපේ මාකටිං ප්‍රසන්ටේශන් එකනෙ 

Not drinking today??


Office train


ඔය ගොල්ලෝ දැකල ඇතිනේ කෝච්චියක් එනකොට සීට් එකක් අල්ලගන්න මිනිස්සු පොරකන හැටි. තල්ලු කරගෙන නැගල කඩාගෙන බිඳගෙන දුවලා කවුරුහරි තල්ලු කරලා ඉඳගන්නවා. ඒක ඉතින් මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි අපේ රටේ ඉතාම දියුණු ප්‍රවාහන පහසුකම් නිසා තියන තත්වයක්.


කොහොම හරි ඔන්න දවසක් කෝච්චිය එනකොටම ඔය විදිහට කට්ටිය තල්ලු කරගෙන පෙරලගෙන ගිහින් ඉඳගන්නවා. නෝනා කෙනෙකුත් දුවගෙන ගිහිල්ල ඉක්මනට මහත්තුරු දෙන්නෙක් දෙපැත්තට තල්ලු කරලා මැදින් ඉඳගත්ත. (අර තුන් දෙනෙක් යන සීට් එකක).


ඉතින් ටිකකින් කෝච්චිය පිටත් වෙද්දී අර එක මහත්තයෙක් කියනවා " මට නම් ඉතින් කමක් නැහැ එත් නෝනට ටිකක් හරි මදි මෙහෙම ඉන්න එක නේද ? " කියල.


ගෑනි රවල බලල ටිකක් එහාට වෙන්න හදනකොට තමයි තේරුනේ... හදිස්සියට දෙන්න දෙපැත්තට කරනවා කියල එක්කෙනෙක්ගෙම කකුල් දෙක දෙපැත්තට කරලා තමයි ඉඳගෙන තියෙන්නේ. 

Monday, July 2, 2012

Consultation with a Doctor

"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ"
දොස්තර - "එතකොට අරක්කු එහෙම"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
දොස්තර - "එහෙනම් මොන කෙහෙල්මලටද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"

Bus Driver

ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක…
දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක් විතර ඇති…..

ඇම්ඩා බස් ඩ්‍රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු….,
ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු…..

“ඩ්‍රයිවර් අංකල් දන්නවද..?”
“අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනවා…….”

මේක අහපු ඩ්‍රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න….”
ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න ගත්තා

“අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා……..”
දැන් ඩ්‍රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම නැහැනේ……”මේ වදයක් වෙන්න එපා ලමයෝ….”

“අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා……”
දැන් ඩ්‍රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා….
ඩ්‍රවරයට පහල උනා අදහසක් …….

“හරි පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන…..”

ඇම්ඩ ඉතින් මේ challenge එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ….

“හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද…?”

ඇම්ඩ එසැනින් කිව්වලු….."බස් ඩ්‍රයිවර් කෙනෙක්…."

Saturday, June 30, 2012

At Bar

වෙලාව රාත්‍රී අට පසුවී විනාඩි කීපයක් ගතවිය.
නගරයේ තැබෑරුම ලඟට පැමිනි සුදු වෑන් රථයෙන් එලියට ආ මැරයින් පිරිස තැබෑරුම තුලට කඩා වැදුනි.

මැරයෙක් :- අඩෝ......... කව්ද ඩෝ අපේ ලොක්කට සද්දෙ දාපු සුමනදාස. වරන් තෝව අද කෑලි කරනව.


මැරයින් සුමනදාස නම් පුද්ගලයෙක්ව සොයයි.
මේ අතර තම ජිවිතයම බෝතලය වෙනුවෙන් කැපකල මැදිවියේ පොරක් නැගිට;

“ඇයි යකෝ මම තමා සුමනදාස, ගේම නම් ගේම ඩෝ......“


සියලුදෙනා බලා සිටියදී මැරයින් පිරිස ඔහුට ගෙනත් තිබූ දඬුමුගුරු වලින් සලකන්නට විය
නහයෙන් කටින් ලේ දමමින් සුමනදාස (යැයි කියා ගත් මිනිසා) බිම වැටුනි.
මැරයින් ආපසු හැරුනේ තමන් පැමිණි රාජකාරිය අවසන් බැවිනි

මේ අතර ගුටි කෑ මිනිසා

“හූ......... හූ........... තොපේ ඇඟවල් විතරයි මොලේ කියල නාමයක් නෑ, උඹලා මගේ ලනුව ගිල්ලනේ....... මම සුමනදාස නෙමෙයි, මං විමලසේන“


යැයි කියමින් හිනාවෙන්නට විය.

Tuesday, June 26, 2012

Monkey

එක් පුද්ගලයෙක් අවන්හලට ගොඩවූයේ වඳුරෙකු ද සමඟය. මත්පැන් ඇණවුම් කළ ඔහු එය පානය කරමින් සිටියදී වඳුරා සෑම තැනම දුවන්න පනින්න පටන් ගත්තේය. බාර් කවුන්ටරයේ තිබූ ඔලිව්ස් ගෙඩි කිහිපයක් ඩැහැගත් වඳුරා එය ගිල දැමුවේය. ඉන්පසු එතැන තිබූ දෙහි පෙති කිහිපයක් කෑවේය.

අනතුරුව කුඩා බිලියඩ් මේසය මතට පැන්න වඳුරා එහි තිබූ බෝලයක් ඩැහැගෙන එය උගේ කටට ඇතුළු කර ඉන්පසුව එය සම්පූර්ණයෙන් ම ගිල දැමුවේය.


බාර් කීපර් පුද්ගලයාට කෑගැසුවේය. "ඔබ දැක්කද ඔබේ වඳුරා මේ දැන් කළේ මොකක්ද කියලා?"


"නැහැ, මොකක්ද?" පුද්ගලයා ඇසුවේය.


"ඌ මේ දැන් මගේ බිලියඩ් බෝලයක් සම්පූර්ණයෙන් ම ගිල්ලා" බාර්කීපර් පැවසීය.


"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි." පුද්ගලයා පිළිතුරු දුන්නේය."පේන්න තියෙන හැම දෙයක්ම ඒ මෝඩයා කනවා. බිලියඩ් බෝලෙටයි අනෙක් ඒවටයි මම ගෙවන්නම්" යැයි පැවසූ ඔහු සිය බිල ගෙවා දමා පිටත්ව ගියේය.


දෙසතියකට පසුව ඔහු යළි ඒ අවන්හලට පැමිණියේය. එවිටද ඔහු සමග ඒ වඳුරා සිටියේය. ඔහු මත්පැන් ඇනවුම් කළ අතර වඳුරා යළි බාර් එක වටේ දුවන්න පටන් ගත්තේය.


පුද්ගලයා බීම පානය කරමින් සිටින අතරදී වඳුරාට චෙරී ගෙඩියක් හමුවිය. එය ඩැහැගත් ඌ චෙරී ගෙඩිය පස්සා පැත්තට ඇතුළු කර, යළි එළියට ගෙන එය කා දැමුවේය.


බාර්කීපර්ට මහත් පිළිකුලක් ඇති විය. "ඔබේ වඳුරා දැන් කළ දේ ඔබ දුටුවාද?" ඔහු එම පුද්ගලයාගෙන් විමසුවේය.


"ඒ පාර මොකක්ද?" පුද්ගලයා පෙරළා ප්‍රශ්න කළේය.


"ඌ චෙරී ගෙඩියක් උගේ පස්ස පැත්තෙ ගහලා, ආයෙත් ඒක එළියට අරගෙන කෑවා" බාර්කීපර් කීවේය.


"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි" පුද්ගලයා පැවසීය. "ඌ තාමත්, පේන්න තියෙන හැම දෙයක්ම කනවා. නමුත් අර බම්බු බිලියඩ් බෝලය කාපු දවසේ පටන් යමක් කන්න ඉස්සෙල්ලා ඌ ඒක මැනලා බලනවා."

Saturday, June 23, 2012

Photoshop

එක් කාන්තාවක් පැරණි පින්තූරයක් ද රැගෙන ඡායාරූප ශාලාවේ කවුන්ටරය හමුවේ පෙනී සිටියේය.
‘මේ මගෙ මැරිච්ච මහත්තයගෙ පින්තූරේ. ඒක හොඳට පැහැදිලිව ලොකු කර ගන්ඩ මට ඕනෙ.’ කවුන්ටරයේ සිටි කළමනාකරු අමතා ඇය කීවාය.
‘ඔව් නෝනා, අපිට පුළුවන් ඒක කරලා දෙන්ඩ.’ කළමනාකරු කීවේය.
‘හැබැයි මේකෙ දාලා තියෙන තොප්පියට මං කැමැති නැහැ. ඒක අයින් කරලා දෙන්ඩ ඕනෙ.’ කාන්තාව කීවාය.
‘ඔව් ඒකත් කරලා දෙන්ඩ පුළුවනි. නෝනා කරුණාකරලා මට කියනවද මහත්තයා කොහොමද කොන්ඩේ පීරලා තිබුණේ කියල.’ කළමනාකරු විමසීය.
‘ඒක නං මට හරියට මතක නෑ. ඉතින් තොප්පිය අයින් කළාම ඔයගොල්ලන්ටම ඒක බලා ගන්ඩ පුළුවන් නෙ.’ කාන්තාව තොදොල් බසින් කීවාය.

Speaking parrot

එක කොල්ලෙක් හුරතලේට ඇතිකරා ගිරවෙක්. ගිරවෙක් කිව්වට මූ ගිරා ඇම්ඩෙක්.
අර කොල්ලයි පොරගේ යාළුවො ගැන්සියයි කතා බහ කරන දෙවල් නිසා මූත් පදමට පැහිලා.
ඔය කොල්ලගේ ගෙදෙරට එහා ගෙදර ඉන්නවා අපේ බාසාවෙන් කියතොත් ඇන්ටා පාරක්.
වැඩට යද්දි උනත් ටිකක් සැරට තමා ඇඳුම පැලදුම.

දවසක් මෙ ඇන්ටි වැඩට යන්න එලියට බහින කොට අර ගිරවා
"ආහ් වැඩට යනව වගේ.... ලස්සනයි කියලා හිතේ"
කියලා කියපි. ඇන්ටි කරබාන් ගියාලු.

පහුවදාත් මේ යකා අරයා එලියට බහින කොටම
"ආහ් වැඩට යනව වගේ.... ලස්සනයි කියලා හිතේ"
කියපි. දැන්නන් ඇන්ටිගේ කට්ට රතේ

තුන්වෙනි දවසෙත් දොට් බහින්න උන්නෑ
"ආහ් වැඩට යනව වගේ.... ලස්සනයි කියලා හිතේ"
කියලා කියපි.

එදා සිමාව පැන්න ඇන්ටි ගිහින් අර ගිරවා අයිති කොල්ලට විස්තරේ කියලා බැන්නා ගිරවා හදා ගනින් කියලා.

කොල්ලටත් නැග්ගා අසූ හාරදාහට. ගියා ගිරවා ඉන්න තැනට
"තෝ ආයෙ එහෙම ඔය බලු කතාව අල්ලපු ගෙදර ඇන්ටිට කිව්වොත් තොව කෑලි කපනවා දැන ගනින්"
පොර කේන්තිය පිට කලා. ගිරවා අන්ද මන්ද වෙලා අහන් හිටියා

පහුවදා ඇන්ටි බැස්සා එලියට, වැඩට යන්න
"ආහ් වැඩට යනව වගේ.... කිව්ව කියලා හිතා ගන්නකො"
ඇඟට පතට නොදැනී ගිරවා කියලා දැම්මා.