Sunday, September 9, 2012

Mental hospital

දවසක් පිස්සන් කොටුවේ එක වාට්ටුවක් බාර දොස්තර මහත්තයෙක් එතනින් ඇවිදන් යනකොට එක පිස්සෙක් පිහියක් උලුක් කරගෙන දොස්තර දිහාට දුවගෙන ආවා, මේක දැකපු දොස්තර හොදටම බයවෙලා දුවන්න පටන් ගත්තා.
පිස්සත් අතඇරියේ නෑ. පස්සෙන්ම දිව්වා පිහියත් දික් කරගෙන. අන්තිමේදි දොස්තර දුවලා දුවලා එක තැනක හිරවුනා. එතනින් වෙන කොහාටවත් දුවන්න බෑ. පිස්සත් දැන් ලගටම එනවා.
දොස්තරත් හොඩටම බය වෙලා ඇස් දෙක වහගත්තලු දැන් ඉතින් ඉවරයි කියලා හිතාගෙන. හොරා ඉතින් ලගට ඇවිල්ලා හති දම දමා මෙහෙම කිව්වලු.

පිස්සා : හොදයි දොස්තර මහත්තයෝ. දැන් ඔයා මේ පිහිය අරගෙන මගේ පස්සෙන් එළවන්න. මන් දුවන්නම්

At classroom

පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

"මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

"හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..

UNP??

දැන් ලංකාවෙත් හොට් එයා බැලූන් රයිඩ්ස් තියෙනවනෙ. ගෑනු කෙනෙක්ට ඕනෙ උනාලු තනියම බැලූන් රයිඩ් එකක් යන්න. ඉතිං බැලූන් රයිඩ් ඕගනයිස් කරන එකා ගෑනිට අවශ්ය ඔක්කොම උපදෙස් දීල කොම්පස් එකකුත් අතට දීල බැලූන් එකේ නග්ගලා.

කොහොම හරි ටික දුරක් යද්දි තමා ගෑනි දැනගෙන තියෙන්නේ කොම්පස් එක නැති වෙලා කියල. දැන් මෙයා ඉන්න තැනක් දන්නෙත් නැතිලු. තමන් දැන් යන්නෙ මූද උඩින් කියන එක විතරමලු මෙයා දන්නේ.

ඔය අස්සෙ ගෑනි දැක්කලු මූදේ බෝට්‍ටුවක බුවෙක් ඉන්නවා. ගෑනි කෑගහල ඇහුවලු " අනේ මට උදවුවක් කරනවද? මම යාලුවෙක්ට පොරොන්දු උනා පැයකින් හම්බ වෙන්න එනව කියල. ඒත් මම දැන් ඉන්න තැන දන්නෙ නෑ" කියල.



බුවා ටක්ගාල බෝට්‍ටුවෙ තියෙනේ ජීපීඑස් සිස්ටම් එක බලල කිවුවලු "ඔයා ඉන්න බැලුම හරියටම තියෙන්නෙ පොලවට අඩි 30 ක් උඩින්, මේ වෙලාවෙ හුලං ස්පීඩ් එක පැයට සැතපුම් 5 යි. ඔයා අක්ශාංෂ 7.4 උතුරින්, දේශාංෂ 80.5 නැගෙනහිරින් ඉන්නෙ" කියල.

ගෑනි : ඔයා UNP සපෝටර් කෙනෙක් නේද?

බුවා : ඔව්, ඔයා කොහොමද එක පාරටම දැනගත්තේ?

ගෑනි : උඹ මට කිවුව හැම දෙයක්ම තියරියෙ හැටියට හරි. ඒත් ප්‍රැක්ටිකල් නෑ. උඹ දුන්න එකම ඉන්ෆොමේශන් එකකින්වත් මට වැඩක් නෑ. මම තාම ඉන්න තැන දන්නෙත් නෑ. යන විදිය දන්නෙත් නෑ. උඹගෙන් මට සත පහක වැඩක් උනේ නෑ

බුවා : ආහ් ඔයා සන්ධානෙ සපෝටර් කෙනෙක් නෙ

ගෑනි : ඔයා කොහොමද ඒක දැනගත්තේ?

බුවා : ඔයා ඉන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ, යන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ. ඔයා පොරොන්දු දීල තියෙනව ඉෂ්ඨ කරගන්න බැරි විදියේ. දැන් ඔයා හිතනව මම ඔයාගෙ ප්‍රශ්න විසදන්න ඕනෙ කියල. තාමත් ඔයා හිටිය තැනමයි. ඒත් ඔයා කර ගත්ත දේවල් වලට වැ‍රැද්ද මගේ පිට පටවන්න හදනවා.


'මගේ ලෝකය' බ්ලොග් එකෙන්

Pond

ඈත පළාතක ගොවිපලක තරමක් විශාල පොකුණක් තිබිණ . දිනක් විනෝද ගමනක් යන කාන්තාවන් පිරිසක් මේ පොකුණට බැස නාන්නට විය. හදිසියේම පොකුණේ අයිතිකරු එනු දුටු කාන්තාවෝ පොකුණේ ඈතට පින යන්නන්ට වුහ. ගොවිපල අයිතිකරු තමන් දෙස බලනු දුටු එක කාන්තාවක් මෙසේ කිවය.
"මහත්තය කරුණාකරලා ඔතනින් එහාට යන්න නැත්නම් අපි ගොඩට එන්නේ නෑ..."
" මම මේ තමුසෙලා නානවා බලන්න අවේ නෑ ..පොකුණේ ඉන්න මගේ
කිබුලන්ට කෑම ටිකක් දාල යන්නයි අවේ"

Reason why never visit a 5* Hotel

Reason why never visit a 5* Hotel !!

Question : "What would you like to have ..Fruit juice, Soda, Tea, Chocolate, Milo, or Coffee?"

Answer : "tea please"

Question : " Ceylon tea, Herbal tea, Bush tea, Honey bush tea, Ice tea or green tea ?"

Answer : "Ceylon tea "

Question : "How would you like it ? black or white ?"

Answer : "white"

Question : "Milk, Whitener, or Condensed milk ?"

Answer: "With milk "

Question : "Goat milk, Camel milk or cow milk"

Answer : "With cow milk please.

Question : " Milk from Freeze land cow or Afrikaner cow?"

Answer : " Um, I'll take it black. "

Question : " Would you like it with sweetener, sugar or honey?"

Answer : "With sugar"

Question : " Beet sugar or cane sugar ?"

Answer : "Cane sugar "

Question :" White , brown or yellow sugar ?"

Answer : "Forget about tea just give me a glass of water instead."

Question: "Mineral water or still water ? "

Answer : "Mineral water"

Question : "Flavored or non-flavored ?"

Answer : "I'll rather die of thirst "

Saturday, September 8, 2012

At funaral

ඔන්න ඉතින් දවසක් මෑන්ස් කෙනෙක් ගමේ තිබ්බ මල ගෙදෙරකට ගියාලු.
ඒ ගෙදෙර මිනිස්සු බොහොම දුකෙන් ලු හිටියේ. කව්රුත් ඉතින් අඩා ගත්ත මුනෙන් තමයි හිටියේ .
අපේ මෑන්ස් ටත් මාර අප්සෙට්. මිනිහා ඒ ගෙදෙරින් එලියට ඇවිල්ල තව ටික දුරක් යද්දී මෙන්න තවත් මල ගෙයක්ලු.
ගමේ හින්දා නොගිහිනුත් බැරි හින්දා ගියාලු. හැබැයි මේ ගෙදෙර එන අයට පුදුම සැලකිලි. හොදට කන්න දෙනවා.
ඒ විතරක් නෙමයි බොන්නත් දෙනවා.
කව්රුත් මල ගෙයක් වුනාට කිසිම දුකකින් නෙමයි හිටියේ. අපේ මෑන්ස් ටත් මාර හැපි. මිනිහා හොදට කාලා බිලා මෙන්න ආයිත් කලින් මල ගෙදෙට්ට ගියාලු.
ගිහිල්ලා හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වලු
" අඩෝ මේවද මල ගෙවල් ? අන්න මල ගෙවල් ? පුලුවන්නම් විතරක් වැඩක් පටන් ගනින්? බැරි වැඩ කරන්න එපා. අරන් පලයන් ඕකත් අර ගෙදෙට්ට "

Friday, September 7, 2012

Told it directly

මචන් උඹ මේ මාසේ බඳිනවා කියල කිව්ව නේද? දැන් මොකද ඒකෙ තත්වේ? වැඩේ කෙරීගෙන යනවද හොඳට?

ඒක හරියන්නේ නෑ මචන් අප්සෙට් ගියා.

ඒ මොකද? කොහොමද අප්සෙට් ගියේ?

කෙල්ලගේ තාත්ත අහපු ප්‍රශ්නෙකට මං කෙලින් උත්තර දුන්න. මිනිහ අප්සෙට් ගියා.

ඒ මොකද මොනවද මිනිහ උඹෙන් ඇහුවේ?

මිනිහ මගෙන් ඇහුව දැන් ඔය ළමය බැඳලා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කියල

Tuesday, August 28, 2012

Training

යතුරු පැදි පුහුනුව ලබාදෙන උපදේෂකයෙක් එම පුහුණුව
සදහා පැමිණි ගමේ තරුණයෙකුට යතුරු පැදියේ ඉදිරි පස
අසුන දී ඔහු එහි පසුපස අසුනෙහි හිද තරුණයාට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටියේය.
එම උපදෙස් පරිඳි තරුණයා යතුරු පැදිය පන ගන්වා
ක්ලච් එක අල්ලාගෙන ගියරයක් දමා එක්සෙලරේටරයද අවශ්‍ය පමණට තබාගෙන සිටියේය.
එවලෙහි උපදේශකයා ඊළග විදානය දුන්නේය.
" හා දැන් ක්ලච් එක දෙනවා "
එනමුත් තරුණයාගෙන් ප්‍රතික්‍රියාවක් නැත.
"ක්ලච් එක දෙනවා"
එවලෙහි උපදේෂකවරයා මඳක් උස් හඬින් කීවේය..
එනමුත් එවරද තරුණයාගෙන් ප්‍රතික්‍රියාවක් නැත.
එවිට උපදේෂකයා මහත්වූ කේන්තියට පැමිණ මෙසේ කෑ ගැසුවේය..
"ක්ලච් එක දෙනවා ඕයී"
ඒ වන විට තරුණයාද මහත් වූ කෙන්තියට පත්ව සිටියේය.
ඔහු පෙරලා මෙසේ කෑගැසුවේය..
"මං ගත්තේ නෑ ඕයි"

Cause of death

විදේශ සංචාරයක නිරතවු ඇලන් තමා නැවති සිටින හෝටලයේ
එල්ලා තිබු විවිධ සතුන්ගේ ඔඵ දෙස බලා ඒ ගැන හෝටල් අයිතිකරුගෙන් විමසීය..

ඇලන් : මේ ඬයිනෝසර්ගේ ඔඵව නම් හරිම දැකුම්කඵයි..
හෝටල් අයිතිකරු : මේකා තමයි මගේ තාත්තව මැරුවේ..
ඇලන් : මට සමාවෙන්න ඔයාගේ තාත්තා අප්‍රිකාවේ සංචාරයත් කලාද...
හෝටල් අයිතිකරු : නෑ..නෑ.. දවසක් අපේ තාත්තා ඔය ඔඵව හයිකරලා තියෙන
තැනට පහලින් පුටුවේ වාඬිවෙලා හිටියා.

An accident

ඡයවීර තමාගේ රථය නගරය දෙසට පදවමින් සිටියදී
හදිසියේම මිනිසෙකු හැපුනි..
ඡයවීර අනතුරට පත් පුද්ගලයාව සනසවමින් මෙසේ කීය...


ඡයවීර : මොනව වුනත් තමුසෙගේ වෙලාව හොඳයි...
මිනිසා : ඒ මොකද...?
ඡයවීර : තමුසේ මගේ වාහනයට හැප්පුනේ හරියටම
දොස්තර මහත්තයගේ ගෙදර ලගඳී...

මිනිසා : මම තමයි ඕයි....... දොස්තර

Monday, August 27, 2012

Drug addict


දවසක් නඩුකාරය කිව්වා කුඩු ගහපු කොල්ලෝ දෙන්නෙකුට මෙහෙම: තමුන් දෙන්න අනාගතයක් තියන තරුණයෝ දෙන්නෙක් බව පේනවා. ඒ හින්ද තමුන්ට මම සිර දඬුවමක් වෙනුවට දෙවෙනි අවස්තාවක් දෙනවා මෙහෙම. අද ගිහින් ලබන සතිය වෙද්දී තමුන් වගේම වැරැද්දට පෙළඹී ඉන්න තව තරුණයින් ට වැරැද්ද කියා දීල ඔවුන් බේර ගන්න ඕන. බලමු ලබන සතියේ කොහොමද තමුන් මේ වැඩේ කරාද කියල අපි තීරණය කරමු.

ඔන්න ඊළඟ උසාවි දවසේ දෙන්නම ආව. පලවෙනි කොල්ල නැග්ග කූඩුවට.

තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද?

17 දෙනෙක් ස්වාමීනි.

හොඳයි හොඳයි ඉතාම හොඳයි. තමන් ඉතාම හොඳට උනන්දුවෙන් මේ වැඩේ කරලා තියෙනවා. අපිට කියන්න පුළුවන් ද කොහොමද මේක කරේ කියල ?

ස්වාමීනි මම රවුම් දෙකක් ඇන්ද.
O o ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි. ඊට පස්සේ ලොකු එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහන්න කලින් උඹේ මොලේ. පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගැහුවට පස්සේ මොලේ තරම කියල. කට්ටිය බය වෙලා තේරුම් ගත්ත.

ඉතින් ඌව නිදහස් කරා.
දෙවෙනි එකත් නැග්ග කූඩුව ට.

තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද?

156 දෙනෙක් ස්වාමීනි.

නඩු කාරය ට හොල්මන්. ඉතාම හොඳයි. තමුන් පුදුම දක්ෂයෙක්. මම හිතුවේ නැහැ මෙච්චර දක්ෂ අය ඇති කියල. මේ පොඩි කාලෙට කොහොමද ඔච්චර ගානක් යහ මඟට ගත්තේ?

ස්වාමීනි මම ත් රවුම් දෙකක් ඇන්ද.
O o ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි. ඊට පස්සේ පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහල හිරේ යන්න කලින් උඹේ පු*....

Dream

සෝමලතාට දැන් අවුරුදු 40කට කිට්ටුයි.ඔළුවේ කෙස් ගස් එක දෙක ඉදෙන්නත් පටන් අරන්.ඇගේ අතගන්න කුමාරයෙක් තවමත් නැති එක ගැන ඈ සිටියේ බලවත් විස්සෝප ගතියකින්.

දවසක්දා නින්දෙදි සෝමලතා අපූරු හීනයක් දැක්කා.සිහිනෙන් රාජ කුමාරයෙක් ඇවිත් තමා අසුපිට නංවාගෙන ගමන් අරඹනවා ඈ දුටුවා.

ඔබ කොහෙද මාව මේ අරන් යන්නෙ?
සෝමලතා සතුටින් ඉපිලෙමින් කුමරාගෙන් ඇහැව්වා.

මං කොහොමද ඒක දන්නෙ.ඒක ඔයා දැනගන්න එපායැ.ඔයානෙ හීනෙ දකින්නෙ.
කුමාරයා කිව්වා.

In the Bus

බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි.එහි සෑහෙන පිරිසක් ද සිටියහ.බීමතින් වැනෙමින් පොල්ලේ එල්ලී සිටි අයෙක් හදිසියේම කොන්දොස්තර ඇමතුවේ මහ හඬිනි.

කොන්දොස්තර මහත්තයෝ,මම ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා.මම බහින්ඩ ඕනෙ බස් එකේ ඉස්සරහින් ද එහෙම නැත්තං පස්සෙන් ද?

ඔහේට කැමැති පැත්තකින් බහින්ඩ පුළුවන්.දෙපැත්තම නවත්වනවා කොන්දොස්තර වහා පිළිතුරු දුන්නේය.

Bikini

විලි වැහෙන තරමටවත් නැති නාන ඇඳුමකින් සැරසී වැල්ලේ එහෙ මෙහෙ දුව පනින තරුණියක දුටු අයෙක් ඇයගේ ඇඳුම පිළිබඳව අවවාදයක් දීමට සිතා ඇයට කතා කළේය.

බලන්න ඔයා ඇඳගෙන ඉන්න නාන ඇඳුමෙ හැටි. ඕක ඔයා ඇඳගෙන ඉන්නවා ඔයාගේ අම්මා හෙම දැක්කොත්, ඔයාට මොනවා නොකියාවිද?

ඔහු දෙස නොරිස්සුමෙන් බැලූ තරුණිය මෙසේ ප්‍රතිඋත්තර දුන්නාය.
අම්මා මොනවා කියන්නද? එයාගෙ නාන ඇඳුම තමයි මම මේ ඇඳගෙන ආවේ