Tuesday, August 28, 2012

Training

යතුරු පැදි පුහුනුව ලබාදෙන උපදේෂකයෙක් එම පුහුණුව
සදහා පැමිණි ගමේ තරුණයෙකුට යතුරු පැදියේ ඉදිරි පස
අසුන දී ඔහු එහි පසුපස අසුනෙහි හිද තරුණයාට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටියේය.
එම උපදෙස් පරිඳි තරුණයා යතුරු පැදිය පන ගන්වා
ක්ලච් එක අල්ලාගෙන ගියරයක් දමා එක්සෙලරේටරයද අවශ්‍ය පමණට තබාගෙන සිටියේය.
එවලෙහි උපදේශකයා ඊළග විදානය දුන්නේය.
" හා දැන් ක්ලච් එක දෙනවා "
එනමුත් තරුණයාගෙන් ප්‍රතික්‍රියාවක් නැත.
"ක්ලච් එක දෙනවා"
එවලෙහි උපදේෂකවරයා මඳක් උස් හඬින් කීවේය..
එනමුත් එවරද තරුණයාගෙන් ප්‍රතික්‍රියාවක් නැත.
එවිට උපදේෂකයා මහත්වූ කේන්තියට පැමිණ මෙසේ කෑ ගැසුවේය..
"ක්ලච් එක දෙනවා ඕයී"
ඒ වන විට තරුණයාද මහත් වූ කෙන්තියට පත්ව සිටියේය.
ඔහු පෙරලා මෙසේ කෑගැසුවේය..
"මං ගත්තේ නෑ ඕයි"

Cause of death

විදේශ සංචාරයක නිරතවු ඇලන් තමා නැවති සිටින හෝටලයේ
එල්ලා තිබු විවිධ සතුන්ගේ ඔඵ දෙස බලා ඒ ගැන හෝටල් අයිතිකරුගෙන් විමසීය..

ඇලන් : මේ ඬයිනෝසර්ගේ ඔඵව නම් හරිම දැකුම්කඵයි..
හෝටල් අයිතිකරු : මේකා තමයි මගේ තාත්තව මැරුවේ..
ඇලන් : මට සමාවෙන්න ඔයාගේ තාත්තා අප්‍රිකාවේ සංචාරයත් කලාද...
හෝටල් අයිතිකරු : නෑ..නෑ.. දවසක් අපේ තාත්තා ඔය ඔඵව හයිකරලා තියෙන
තැනට පහලින් පුටුවේ වාඬිවෙලා හිටියා.

An accident

ඡයවීර තමාගේ රථය නගරය දෙසට පදවමින් සිටියදී
හදිසියේම මිනිසෙකු හැපුනි..
ඡයවීර අනතුරට පත් පුද්ගලයාව සනසවමින් මෙසේ කීය...


ඡයවීර : මොනව වුනත් තමුසෙගේ වෙලාව හොඳයි...
මිනිසා : ඒ මොකද...?
ඡයවීර : තමුසේ මගේ වාහනයට හැප්පුනේ හරියටම
දොස්තර මහත්තයගේ ගෙදර ලගඳී...

මිනිසා : මම තමයි ඕයි....... දොස්තර

Monday, August 27, 2012

Drug addict


දවසක් නඩුකාරය කිව්වා කුඩු ගහපු කොල්ලෝ දෙන්නෙකුට මෙහෙම: තමුන් දෙන්න අනාගතයක් තියන තරුණයෝ දෙන්නෙක් බව පේනවා. ඒ හින්ද තමුන්ට මම සිර දඬුවමක් වෙනුවට දෙවෙනි අවස්තාවක් දෙනවා මෙහෙම. අද ගිහින් ලබන සතිය වෙද්දී තමුන් වගේම වැරැද්දට පෙළඹී ඉන්න තව තරුණයින් ට වැරැද්ද කියා දීල ඔවුන් බේර ගන්න ඕන. බලමු ලබන සතියේ කොහොමද තමුන් මේ වැඩේ කරාද කියල අපි තීරණය කරමු.

ඔන්න ඊළඟ උසාවි දවසේ දෙන්නම ආව. පලවෙනි කොල්ල නැග්ග කූඩුවට.

තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද?

17 දෙනෙක් ස්වාමීනි.

හොඳයි හොඳයි ඉතාම හොඳයි. තමන් ඉතාම හොඳට උනන්දුවෙන් මේ වැඩේ කරලා තියෙනවා. අපිට කියන්න පුළුවන් ද කොහොමද මේක කරේ කියල ?

ස්වාමීනි මම රවුම් දෙකක් ඇන්ද.
O o ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි. ඊට පස්සේ ලොකු එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහන්න කලින් උඹේ මොලේ. පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගැහුවට පස්සේ මොලේ තරම කියල. කට්ටිය බය වෙලා තේරුම් ගත්ත.

ඉතින් ඌව නිදහස් කරා.
දෙවෙනි එකත් නැග්ග කූඩුව ට.

තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද?

156 දෙනෙක් ස්වාමීනි.

නඩු කාරය ට හොල්මන්. ඉතාම හොඳයි. තමුන් පුදුම දක්ෂයෙක්. මම හිතුවේ නැහැ මෙච්චර දක්ෂ අය ඇති කියල. මේ පොඩි කාලෙට කොහොමද ඔච්චර ගානක් යහ මඟට ගත්තේ?

ස්වාමීනි මම ත් රවුම් දෙකක් ඇන්ද.
O o ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි. ඊට පස්සේ පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහල හිරේ යන්න කලින් උඹේ පු*....

Dream

සෝමලතාට දැන් අවුරුදු 40කට කිට්ටුයි.ඔළුවේ කෙස් ගස් එක දෙක ඉදෙන්නත් පටන් අරන්.ඇගේ අතගන්න කුමාරයෙක් තවමත් නැති එක ගැන ඈ සිටියේ බලවත් විස්සෝප ගතියකින්.

දවසක්දා නින්දෙදි සෝමලතා අපූරු හීනයක් දැක්කා.සිහිනෙන් රාජ කුමාරයෙක් ඇවිත් තමා අසුපිට නංවාගෙන ගමන් අරඹනවා ඈ දුටුවා.

ඔබ කොහෙද මාව මේ අරන් යන්නෙ?
සෝමලතා සතුටින් ඉපිලෙමින් කුමරාගෙන් ඇහැව්වා.

මං කොහොමද ඒක දන්නෙ.ඒක ඔයා දැනගන්න එපායැ.ඔයානෙ හීනෙ දකින්නෙ.
කුමාරයා කිව්වා.

In the Bus

බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි.එහි සෑහෙන පිරිසක් ද සිටියහ.බීමතින් වැනෙමින් පොල්ලේ එල්ලී සිටි අයෙක් හදිසියේම කොන්දොස්තර ඇමතුවේ මහ හඬිනි.

කොන්දොස්තර මහත්තයෝ,මම ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා.මම බහින්ඩ ඕනෙ බස් එකේ ඉස්සරහින් ද එහෙම නැත්තං පස්සෙන් ද?

ඔහේට කැමැති පැත්තකින් බහින්ඩ පුළුවන්.දෙපැත්තම නවත්වනවා කොන්දොස්තර වහා පිළිතුරු දුන්නේය.

Bikini

විලි වැහෙන තරමටවත් නැති නාන ඇඳුමකින් සැරසී වැල්ලේ එහෙ මෙහෙ දුව පනින තරුණියක දුටු අයෙක් ඇයගේ ඇඳුම පිළිබඳව අවවාදයක් දීමට සිතා ඇයට කතා කළේය.

බලන්න ඔයා ඇඳගෙන ඉන්න නාන ඇඳුමෙ හැටි. ඕක ඔයා ඇඳගෙන ඉන්නවා ඔයාගේ අම්මා හෙම දැක්කොත්, ඔයාට මොනවා නොකියාවිද?

ඔහු දෙස නොරිස්සුමෙන් බැලූ තරුණිය මෙසේ ප්‍රතිඋත්තර දුන්නාය.
අම්මා මොනවා කියන්නද? එයාගෙ නාන ඇඳුම තමයි මම මේ ඇඳගෙන ආවේ