Saturday, June 30, 2012

At Bar

වෙලාව රාත්‍රී අට පසුවී විනාඩි කීපයක් ගතවිය.
නගරයේ තැබෑරුම ලඟට පැමිනි සුදු වෑන් රථයෙන් එලියට ආ මැරයින් පිරිස තැබෑරුම තුලට කඩා වැදුනි.

මැරයෙක් :- අඩෝ......... කව්ද ඩෝ අපේ ලොක්කට සද්දෙ දාපු සුමනදාස. වරන් තෝව අද කෑලි කරනව.


මැරයින් සුමනදාස නම් පුද්ගලයෙක්ව සොයයි.
මේ අතර තම ජිවිතයම බෝතලය වෙනුවෙන් කැපකල මැදිවියේ පොරක් නැගිට;

“ඇයි යකෝ මම තමා සුමනදාස, ගේම නම් ගේම ඩෝ......“


සියලුදෙනා බලා සිටියදී මැරයින් පිරිස ඔහුට ගෙනත් තිබූ දඬුමුගුරු වලින් සලකන්නට විය
නහයෙන් කටින් ලේ දමමින් සුමනදාස (යැයි කියා ගත් මිනිසා) බිම වැටුනි.
මැරයින් ආපසු හැරුනේ තමන් පැමිණි රාජකාරිය අවසන් බැවිනි

මේ අතර ගුටි කෑ මිනිසා

“හූ......... හූ........... තොපේ ඇඟවල් විතරයි මොලේ කියල නාමයක් නෑ, උඹලා මගේ ලනුව ගිල්ලනේ....... මම සුමනදාස නෙමෙයි, මං විමලසේන“


යැයි කියමින් හිනාවෙන්නට විය.

Tuesday, June 26, 2012

Monkey

එක් පුද්ගලයෙක් අවන්හලට ගොඩවූයේ වඳුරෙකු ද සමඟය. මත්පැන් ඇණවුම් කළ ඔහු එය පානය කරමින් සිටියදී වඳුරා සෑම තැනම දුවන්න පනින්න පටන් ගත්තේය. බාර් කවුන්ටරයේ තිබූ ඔලිව්ස් ගෙඩි කිහිපයක් ඩැහැගත් වඳුරා එය ගිල දැමුවේය. ඉන්පසු එතැන තිබූ දෙහි පෙති කිහිපයක් කෑවේය.

අනතුරුව කුඩා බිලියඩ් මේසය මතට පැන්න වඳුරා එහි තිබූ බෝලයක් ඩැහැගෙන එය උගේ කටට ඇතුළු කර ඉන්පසුව එය සම්පූර්ණයෙන් ම ගිල දැමුවේය.


බාර් කීපර් පුද්ගලයාට කෑගැසුවේය. "ඔබ දැක්කද ඔබේ වඳුරා මේ දැන් කළේ මොකක්ද කියලා?"


"නැහැ, මොකක්ද?" පුද්ගලයා ඇසුවේය.


"ඌ මේ දැන් මගේ බිලියඩ් බෝලයක් සම්පූර්ණයෙන් ම ගිල්ලා" බාර්කීපර් පැවසීය.


"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි." පුද්ගලයා පිළිතුරු දුන්නේය."පේන්න තියෙන හැම දෙයක්ම ඒ මෝඩයා කනවා. බිලියඩ් බෝලෙටයි අනෙක් ඒවටයි මම ගෙවන්නම්" යැයි පැවසූ ඔහු සිය බිල ගෙවා දමා පිටත්ව ගියේය.


දෙසතියකට පසුව ඔහු යළි ඒ අවන්හලට පැමිණියේය. එවිටද ඔහු සමග ඒ වඳුරා සිටියේය. ඔහු මත්පැන් ඇනවුම් කළ අතර වඳුරා යළි බාර් එක වටේ දුවන්න පටන් ගත්තේය.


පුද්ගලයා බීම පානය කරමින් සිටින අතරදී වඳුරාට චෙරී ගෙඩියක් හමුවිය. එය ඩැහැගත් ඌ චෙරී ගෙඩිය පස්සා පැත්තට ඇතුළු කර, යළි එළියට ගෙන එය කා දැමුවේය.


බාර්කීපර්ට මහත් පිළිකුලක් ඇති විය. "ඔබේ වඳුරා දැන් කළ දේ ඔබ දුටුවාද?" ඔහු එම පුද්ගලයාගෙන් විමසුවේය.


"ඒ පාර මොකක්ද?" පුද්ගලයා පෙරළා ප්‍රශ්න කළේය.


"ඌ චෙරී ගෙඩියක් උගේ පස්ස පැත්තෙ ගහලා, ආයෙත් ඒක එළියට අරගෙන කෑවා" බාර්කීපර් කීවේය.


"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි" පුද්ගලයා පැවසීය. "ඌ තාමත්, පේන්න තියෙන හැම දෙයක්ම කනවා. නමුත් අර බම්බු බිලියඩ් බෝලය කාපු දවසේ පටන් යමක් කන්න ඉස්සෙල්ලා ඌ ඒක මැනලා බලනවා."

Saturday, June 23, 2012

Photoshop

එක් කාන්තාවක් පැරණි පින්තූරයක් ද රැගෙන ඡායාරූප ශාලාවේ කවුන්ටරය හමුවේ පෙනී සිටියේය.
‘මේ මගෙ මැරිච්ච මහත්තයගෙ පින්තූරේ. ඒක හොඳට පැහැදිලිව ලොකු කර ගන්ඩ මට ඕනෙ.’ කවුන්ටරයේ සිටි කළමනාකරු අමතා ඇය කීවාය.
‘ඔව් නෝනා, අපිට පුළුවන් ඒක කරලා දෙන්ඩ.’ කළමනාකරු කීවේය.
‘හැබැයි මේකෙ දාලා තියෙන තොප්පියට මං කැමැති නැහැ. ඒක අයින් කරලා දෙන්ඩ ඕනෙ.’ කාන්තාව කීවාය.
‘ඔව් ඒකත් කරලා දෙන්ඩ පුළුවනි. නෝනා කරුණාකරලා මට කියනවද මහත්තයා කොහොමද කොන්ඩේ පීරලා තිබුණේ කියල.’ කළමනාකරු විමසීය.
‘ඒක නං මට හරියට මතක නෑ. ඉතින් තොප්පිය අයින් කළාම ඔයගොල්ලන්ටම ඒක බලා ගන්ඩ පුළුවන් නෙ.’ කාන්තාව තොදොල් බසින් කීවාය.

Speaking parrot

එක කොල්ලෙක් හුරතලේට ඇතිකරා ගිරවෙක්. ගිරවෙක් කිව්වට මූ ගිරා ඇම්ඩෙක්.
අර කොල්ලයි පොරගේ යාළුවො ගැන්සියයි කතා බහ කරන දෙවල් නිසා මූත් පදමට පැහිලා.
ඔය කොල්ලගේ ගෙදෙරට එහා ගෙදර ඉන්නවා අපේ බාසාවෙන් කියතොත් ඇන්ටා පාරක්.
වැඩට යද්දි උනත් ටිකක් සැරට තමා ඇඳුම පැලදුම.

දවසක් මෙ ඇන්ටි වැඩට යන්න එලියට බහින කොට අර ගිරවා
"ආහ් වැඩට යනව වගේ.... ලස්සනයි කියලා හිතේ"
කියලා කියපි. ඇන්ටි කරබාන් ගියාලු.

පහුවදාත් මේ යකා අරයා එලියට බහින කොටම
"ආහ් වැඩට යනව වගේ.... ලස්සනයි කියලා හිතේ"
කියපි. දැන්නන් ඇන්ටිගේ කට්ට රතේ

තුන්වෙනි දවසෙත් දොට් බහින්න උන්නෑ
"ආහ් වැඩට යනව වගේ.... ලස්සනයි කියලා හිතේ"
කියලා කියපි.

එදා සිමාව පැන්න ඇන්ටි ගිහින් අර ගිරවා අයිති කොල්ලට විස්තරේ කියලා බැන්නා ගිරවා හදා ගනින් කියලා.

කොල්ලටත් නැග්ගා අසූ හාරදාහට. ගියා ගිරවා ඉන්න තැනට
"තෝ ආයෙ එහෙම ඔය බලු කතාව අල්ලපු ගෙදර ඇන්ටිට කිව්වොත් තොව කෑලි කපනවා දැන ගනින්"
පොර කේන්තිය පිට කලා. ගිරවා අන්ද මන්ද වෙලා අහන් හිටියා

පහුවදා ඇන්ටි බැස්සා එලියට, වැඩට යන්න
"ආහ් වැඩට යනව වගේ.... කිව්ව කියලා හිතා ගන්නකො"
ඇඟට පතට නොදැනී ගිරවා කියලා දැම්මා.

Friday, June 22, 2012

මිනී කන්නන්


මිනී කන්නන් සිටින දූපතකට කාන්තාවන් තිදෙනෙක් රැගත් බෝට්ටුවක් පාවී ආවේය.
මෙය ඒ මොහොතේ දූ‍පතේ ඇවිදිමින් සිටි පියෙක් සහ කුඩා පුතෙකු දුටුවෝය. බෝට්ටුවෙන් මුලිම්ම බැස්සේ කෙට්ටු කාන්තාවකි තාත්තේ අපි අර ගෑනු කෙනාව රෑ කෑමට ගමුද?
අපෝ.. පුතේ මරණවටත් පාඩුයි තනිකරම කටුනේ තියෙන්නේ... දෙවනුව ‍බෝට්ටුවෙන් බැස්සේ තරබාරැ කාන්තාවකි.
තාත්තේ.. තාත්තේ අර ගෑණු කෙනානම් අපේ ගෙවල් තුන හතරටම ඇති... එයත් හරියන්නේ නෑ.. මහත වැඩි හින්ත තෙල් ඇති... කෑවොත් අන්තිමට අපිට කොලෙස්ටරොල් හැදෙයි....
තුන්වැනුව බැස්සේ ඉතා හැඩ ඇති සිරැරකින් යුතු සුරෑපීය කාත්තාවකි. තාත්තේ... මේ ගෑනු එක්කෙනා නම් හරිම රස ඇති බලන්නකො ලස්සන. අපි මෙයාව රෑ කෑමට ගමු...

නෑ... පුතේ අපි මෙයාව ගෙදර එක්කගෙන ගිහිං
උඹලගෙ අම්මව රෑ කෑමට ගමු....

Letter from Father

හිරේ හිටපු හොරෙක්ට ගෙදරින් තාත්තා එවපු ලියුමක් ලැබුනා.

"පුතේ අපි දැන් ඉන්නේ හෙන අමාරු අඩියක... අක්කරේක ඉඩමක් තිබුනත් වැඩක් නැ පොළව කොටලා අල ටිකක් වගා කර ගන්නවත් අපිට හයි හත්තියක් නැ. උඹලගේ අම්මයි මායි ඒ තරමට අබලන්... උඹවත් හිටියනන් කොච්චර හොඳද... ඒ කාලේ මේ වත්ත කොටලා ඉවර කරන්න උඹටනන් දවසක්වත් ගත වුනේ නැ."

තාත්තට හැරෙන තෑපැලෙන් පිළිතුරු ලැබුනා.

"තාත්තේ... දෙයියන්ගේ නාමෙට ඔය වත්තට අඩියක්වත් තියන්න එපා ඔන්න... මන් ඔය වත්ත පුරා තුවක්කු, ඩප්පි, අත් බොම්බ, ගෝනි ගනන් වළලලයි තියෙන්නේ මන් හිරේ ඉඳලා ආපුවාම මගේ ගේම් වලට පාවිච්චි කරන්න."

එම ලිපිය ලැබුනු දින රෑ මෙසේ සිදු විය.

"ඇරපිය යකෝ දොර අපි සි අයි ඩී එකෙන්. එකෙක්වත් හෙල්ලෙන්න එපා බාවනවා."

සී අයි ඩී එකේ අය රෑ එලි වෙනකල් වත්ත කොටලා අනිත් පැත්ත හරවලා බැලුවත් තුවක්කුවත් තියා හිස් පතුරං කොපුවක්වත් හොයාගන්න බැරි වු තැන හතර වටේටම බැන බැන ආපහු ගියා.

තාත්තා ආපහු පුතාට ලියුමක් ලිව්වා.

පොලිසිය ඇවිත් මුළු වත්තම කණපිට හරවලා ගියා... අපි දැන් මොකද කරන්න ඕනෙ පුතේ?

හොරාත් ඒකට පිළිතුරු ලියුමක් ලිව්වා.

"තාත්තේ මට කරන්න පුළුවන් දේ මම කලා, දැන් ඉතින් දෙයියනේ කියලා තාත්තා අර එදා කිව්ව අල ටික හිටව ගන්න..."

Monday, June 18, 2012

Gold spoon

තම බිරිඳගෙ අකල් වියෝවෙන් පසු හර්ෂන තනිකඩ ජීවිතයක් ගත කලේය. ඔහුගේ මව අනෙකුත් නෑයන් යාබද ගමක විසූහ. නමුත් හර්ෂන තම විවාහයෙන් දෑවැද්ද වශයෙන් හමුවූ නිවසේම ජීවත් විය.


ජනවාරි පළමුදා හර්ෂන තම මවට දිවා අහාරයට ආරාධනා කලේය. තම පුතාගේ ආරාධන සතුටින් පිළිගත්හර්ෂනගේ මෙහෙකාරිය ඉතා ආකර්ෂණීය මෙන්ම හොඳ හැඩකාරියක් බව දිවා අහාරය අතරතුරදී හර්ෂනගේ මවට දැකගත හැකි විය. මව තම පුතා කැමති රසකැවිලි කිහිපයක්ද සාදාගෙන පැමිනියාය.


මෙහෙකාරිය දුටු වෙලේ සිට මවගෙ ඔලූවෙ දුවන්නට වූයෙ මොවුන් දෙදෙනා අතර මීට වඩා යම්කිසි සම්බන්ධතාවක්්් තිබිය නොහැකිද යන්නය. තම පුතා හොඳ කුකුලෙක් බව හර්ෂනගේ මව හොඳින් දැන සිටියාය.

තම මව තමා දෙසත්, තම මෙහෙකාරිය දෙසත් සැකයෙන් හෙලන බැල්ම එකවරම තේරුම්ගත් හර්ෂන මෙසේ පැවසීය,
“අම්මා හිතන විදිහෙ කිසිම දෙයක් අපි අතරෙ නෑ!, ඒ මගේ වැඩකාරි, එච්චරයි!!”



ඊට දින තුනකට පමන පසු හර්ෂන වෙත පැමිණි මෙහෙකාරිය මෙසේ කීවාය,
“මහත්තයෝ ඔහේගෙ අම්මා දවල් කෑමට ඇවිත් ගිය දවසෙ ඉඳන් අර රිදී හැන්ද කොහේද කියලා නෑ, මහත්තයගේ අම්මා වැර්දිලා එහෙම ගෙනිච්චද දන්නෙ නෑ”


“හ්ම්ම්.. වෙන්න බෑ, කෝකටත් මම ලියුමක් දාලා බලන්නම්” හර්ෂන පිළිතුරු දුනි.



හර්ෂන තම මවට මෙසේ ලිවීය :
“ආදර්ණීය අම්මේ,

මම කියන්නෑ අම්මා අපේ රිදී හැන්ද අරං ගියා කියලා, ඒවගේම අම්මා ඒක ගෙනිච්චෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද වෙච්ච දේ හැටියට අම්මා දවල් කෑමට ආවට පස්සෙ තමා ඕක නැති උනේ.
හර්ෂන පුතා ”


දින කිහිපයකට පසුව හර්ෂනට තම මවගෙන ලියුමක් ලැබිනි. ඇය මෙසේ ලියා තිබුනාය,
“හර්ෂන පුතේ,

මම කියන්නෑ පුතා වැඩකාර ගෑණිත් එක්ක නිදාගන්නවා කියලා, ඒවගේම පුතා ඒකිත් එක්ක නිදාගන්නෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද මම ඔය පැත්තෙ ඇවිත් ගියාට පස්සෙ ඔය වැඩකාර ගෑනි තාම එක දවසක්වත් ඒකිගෙ ඇඳෙ නිදාගෙන නෑ. නැතතම් ඔය කියන රිදි හැන්ඳ මෙලහකට හම්බවෙලා.
ආදරණීය අම්මා."

Indian cricket team


මේක ටිකක් පරන කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්. ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල. මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.

එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල. කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.

"මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා.

කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා....

"මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි....

මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට...

"නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..

"නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා.

"නෑ... නෑ.. මම
කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව.

"ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව..

ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..

" නOගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල..

එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි...

"ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"

Nice answer

හැමෝම අහලා ඇතිනේ අළු බඳුන ක්‍රිකට් තරඟාවලිය ගැන. මේ කාලෙකට ඉස්සර ඒකෙදි උන සීන් එකක්.
ඕස්ට්‍රේලියාවේ විකට් කීපර් හිටියේ රොඩ්නි මාෂ්. එංගලන්තේ විකට් 1 ක් ගිහින් ඊළඟට බැට් කරන්න අවේ ඉයන් බොතම්.. ආපු ගමන් මෑන්ව මෙන්ටලි වට්ටන්න හිතපු රොඩ්නි මාෂ් මිනිහගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

"කොහොමද?? උඹේ ගෑනියි මගේ ළමයිනුයි සනීපෙන්ද ???"


ඕකට බොතම් උත්තරයක් දුන්නා මෙන්න මෙහෙම.


"ගෑනි නම් සනීපෙන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ළමයි අන්ගවිකලයි "

Poor Policeman

ඔන්න එකමත් එක කාලෙක හිටියලු ඥාණපාල කියල රියල් අණ්ඩපාල පොරක්. මු වැඩ කරන්නේ කොළඹ තිබ්බ ගාර්මන්ට් එකකලු. ඔන්න දවසක් මු මහා රෑ වෙනකන් වැඩ කරාලු. වැඩ කරලා ඉවර වෙලා ගෙදර යන්න බලනකොට මහා රෑ බස් නෑලු. දැන් මුට හෙනම අවුල ඌ ගියාලු ළඟ තිබ්බ යාලුවෙකුගේ ගෙදරට, ගිහිල්ල යාළුවගේ බයිසිකලේ ඉල්ලා ගත්තලු. හැබැයි මිනිහ ගාව හෙල්මට් එකක් නෑලු. දැන් ඉතින් මොනවා කරන්නද,, මේ මහා රෑ පොලිසියෙන් නෑ කියල හිත හදා ගෙන මු ගෙදර එන්න ආවලු. ඔහොම ටික දුරක් එනකොටම ඉස්සරහ ඉන්නවලු පොලිසියෙ රාලහාමි කෙනෙක් . මු දැක්කේ නෑ වගේ යන්න හදනකොටම අහුනලු විසිල් පාරක්. මළ කෙළියයි, පොලිසියෙන් මුව දැකල. දැන් ඉතින් මොනවා කරන්නද කියල හිත ගෙන මු බයිසිකලේ නවත්තල බැහැල ගියාලු රාලහාමි ලඟට. රාලහාමි මුට හෙන සද්දයක් දැම්මලු හෙල්මට් නැති එකට. දාලා මුට දඩ ගහන්න ඕනේ කියල පොත අරගෙන දඩ කොලේ ලියන්න ඇහුවලු මුගෙන් නම,
"කියනවා බලන්න තමුන්ගේ නම",
ඉතින් අපේ ඩයල් එක කිව්වලු ඥාණපාල කියල.
"ඥාණපාල ආ..... ඥාණපාල.... මාරු නමක්නේ තමුන්ට තියෙන්නේ "
කියල රාළහාමි මුගේ නම ලියන්න හදනවලු එත් ලියන්නේ නැලු. දැන් රාළහාමියට මාර චාටර් එක, මු ""ඥාණපාල"" ලියන්න දන්නේ නැලු.
අපේ "ඥාණපාල"ටත් තෙරුනලු සීන් එක. මිනිහත් සද්ද නැතුවම හිටියලු. ඔන්න ඉතින් රාලහාමිට ගණදෙවි නුවන පහල වෙලා "ඥාණපාල" දිහාට හැරිලා කිව්වලු,
"අයිසේ ඥාණපාල මම තමුසෙට මේ පාර සමාව දෙනවා අයිත් එහෙම මට අහු වෙන්නේ නෑ" කිව්වලු.
ඊට පස්සේ රාළහාමිය අයිත් මුව අහු වෙයි කියල හිතල ගෙදර ගිහින් "ඥාණපාල" ලියන්න පුරුදු වෙලා අවුලු. ඔන්න ඊළඟ දවසෙත් රෑ වෙලා "ඥාණපාල" හෙල්මට් නැතුව එනවලු. රාලහාමි හෙන පොර වගේ විසිල් එක ගහල
"ආ ඥාණපාල මෙහෙ එනවා මෙහෙ එනවා." තමුසෙට අද මගෙන් ගැලවීමක් නෑ කියල පොත අරගෙන හෙන පොර වගේ නම ලිව්වලු "ඥාණපාල" කියල. ඊට පස්සේ ඇහුවලු
දැන් කියනවා තමුන්ගේ පදිංචිය කොහෙද කියල??
අපේ ඥාණපාල හෙන ගල් ආඳානේ ඒ නිසා මිනිහ එක පාරටම කිව්වලු
කොම්පඤ්ඤවීදියේ කියල.
එක ඇහුව විතරයි රාළහාමියට කර ගන්න දෙයක් නැලු. මු එක ලියන්න දන්නේ නැලු. දැන් රාළහාමියට පට්ට මළලු. මුට කිව්වලු "තෝ #@@*#@ අයිත් එහෙම මට අහුවෙන්න එපා දැන් පල" කියල. ඔන්න ඉතින් අපේ අහිංසක රාලහමිය ගෙදය ගිහින් කොම්පඥ්ඥවීදිය ලියන්න පුරු වෙලා ආවලු. ඔන්න් ඊළඟ දවසෙත් අරු එනවලු හෙල්මට් නැතුව, රාලහමිය මේ පාරත් විසිල් එක ගහල
"ආ කොම්පඥ්ඥවීදියේ ඥාණපාල මෙහෙ එනවා අද නම් තමුසෙට මගෙන් ගැලවෙන්න බෑ. කිසිම සමාවක් නෑ", කියල ලියන්න ගත්තලු.
මෙන්න බොලේ අර දෙකම ලිව්වට පස්සේ තියෙනවලු රස්සාව ලියන්න. මු ඇහුවලු "කියනවා තමන්ගේ රස්සාව බලන්න".
ඥාණපාල පැනපු ගමන් කියපි
ස්පාඤ්ඤයට පිපිඤ්ඤායි
රතිඤ්ඤායි පටවනවා කියල.
එක ඇහුන විතරයි රාලහමිය මුගේ හත්මුතු පරම්පරාවේ එකෙක් නැර මතක් කරාලු.

Sunday, June 17, 2012

Udurawana went to Colombo

Udurawana went to Colombo for official matter and called to his house over phone. Servant had taken the receiver.

Udurawana: Who is speaking?

Servant : Servant Sir.

Udurawana: Where is the Madam?

Servant: She is sleeping with her husband in bedroom.

Udurawana: What? I am her husband came to Colombo today.

Servant: What can I do now sir?


Udurawana: Open the cupboard, pick the Gun, shoot both of them, come back and tell me, till then I am waiting in the line. After some time ... there come 2 shooting sounds ... after that ...



Servant: Yes, I did Sir. But what can I do next Sir?

Udurawana: Open the back door, throw both of them into the swimming pool

Servant: There is no swimming pool in our house Sir

Udurawana: What.....? No swimming pool?

Servant: Yes Sir

Udurawana: Sorry, wrong number !!!!!!!!

වීණා වාදනය

වික්‍රමාරච්චි සහ ඩග්ලස් දෙදෙනාම වාසය කළේ එකම බෝඩිමකය. ඩග්ලස් පුරුද්දක් ලෙස සෑම දිනෙකම බොහෝ රෑ බෝ වනතුරු වීණා වාදනය කළේය. දිනක් වික්‍රමාරච්චි ඩග්ලස් අමතා මෙසේ ඇසීය.
‘ඇයි තමුසෙ ගුවන් විදුලියෙ වීණා වාදනය කරන්ඩ යන්නෙ නැත්තෙ?’ ඩග්ලස් ගේ සිතෙහි එම පැනයෙන් මහත් උද්දාමයක් හට ගත්තේ ය. ඔහු ඉන් පිබිදී ආඩම්බරයෙන් සිනාසෙමින් මෙසේ ඇසීය.
‘ඇයි බං එච්චර හොඳට වීණා වාදනය කරනවද?’
‘නෑ ඒකමත් නෙමෙයි. තමුසෙ රේඩියෝ එකේ වීණා වාදනය කරන කොට අඩු ගණනෙ මට රේඩියෝ එක වහල දාන්ඩ පුළුවන් නෙ.’ වික්‍රමාරච්චි කීවේ කෝපය සඟවා ගනිමිනි.

Medical report

සුනිමල්ට රෝහලෙන් දුරකථන ඇමතුමක් ලැබුනේ ඔහුගේ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙනි


ඩොක්ටර් : සුනිමල් මට ඔයාට හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි දෙකක් තියනවා කියන්න

සුනිමල් : හොඳ එක ඉස්සෙල්ල කියන්නකො ඩොක්ටර්

ඩොක්ටර් : ඔයාට එක දවසක් තියනවා ජීවත් වෙන්න

සුනිමල් : මොනවා.... එතකොට නරක ආරංචිය...

ඩොක්ටර් : අපිට ඔයාට ඊයෙ කෝල් කරන්න බැරි උනා...

Heaven and Hell

Heaven and Hell

Saturday, June 16, 2012

After a accident

After a big accident, a man was crying : O God! I have lost my left hand?
Amda : Control yourself my friend. Don’t cry. See that man. He has lost his head. Is he crying?

Best Police in this universe.

ඔන්න දවසක් එකරටක තරඟයක් තිබ්බලු හොඳම පොලීසිය තොරන්න.ඕකට ඇමරිකවෙන් .එංගලන්තෙන් රුසියවෙන් හොඳම් පොලිස් භටයො එවිත් හිටියලු.ඒත් ලංකවෙන් ගිහින් හිටියෙ සාජන්ලා දෙතුන් ඩෙනෙක් විතරලු.

තරඟ නීති වල හෙටියට විනිශ්‍ය මණ්ඩලය විසින් පුදුම වේගෙන් යන හාවෙක් කැලේට නිදහස් කරනවලු.ඌව අල්ලන් එන්නලු තියෙන්නෙ.ඇමරිකවෙ අය පලවෙනියට ගියලු එයාලගෙ සමහර අය හෙලිකොප්ටරේකුත් අරන් ගියාලු.ඒත් හොයාගන්න බෙරි වෙලා කස්ටිය අයෙත් අවලු.ඔන්න දෙවනි හාවා වත් දැම්මලු,රුසියව චීනය ඔහොම ඔහොම පිලිවලට ගියත් හොයගන්න හම්බුනේ නැහැලු.ඔන්න දැන් අපේ ලොක්කල යන්න ලෑස්ති වෙනවලු.
විනිශ්‍ය මන්ඩලේ ඇහුවලු ඔයාලට මොනවද ඕනෙ කියලා. මහත්තයො අපිට හොඳ බැටන් පොලු 2ක් දෙන්න.විනිශ්‍ය මණ්ඩලය පුදුම වුනාලු.ඔන්න දැන් කට්ටිය කෙලෙට ගිහින් පෙය භාගෙකට පස්සෙ එනවලු තඩි වලහෙක් කරේ තියගෙන.ඇවිල්ල බිම ඇදබෑවලු.හරි සර් මෙන්න ඉන්නව හාවා.විනිශ්‍ය මණ්ඩලයෙ කට්ටියට හරිම හිනාලු.සර්ලට විස්වස නෑ නෙ.කියල පොලිසියෙ සෙට් එක වලහට බැටන් පොලු වලින් නෙලන්න පටන්ගත්තලු.
කියහන් කියහන් කියලා.එතකොට වලහ කිව්වලු ගහන්න එප සර් මම හවෙක් මම හවෙක් කියලා

How brave is he..

දවසක්, හීනියට සෙට් වී පසුව තරමක් වැඩි කරගත් සත්තු වත්තේ මුරකරු බමන මතින් ගෙදර යාමට මැලිකමක් දැක්වූයේ තම බිරිද සිහි වීමෙනි. ටිකක් නිදාගෙන වෙරි මත අඩු වූ පසු ගෙදර යන්නට සිතු මුරකරුවා නිදාගන්නට සුදුසු ස්ථානයක් සොයාගත නොහැකි වූ තැන “මොනවා වුණත් කමක් නෑ” යයි සිතා හෙමින් සීරුවේ සිංහයාගේ කූඩුවට රිංගා නිදාගන්නට විය.
මඳ වේලාවක් ඉවසා වදාරා බැරිම තැන සැමියා සොයා සත්තු වත්තට පැමිණි මුරකරුවාගේ බිරිඳ සිංහ කූඩුවට වී සැපට නිදා සිටින තම සැමියා දැක මෙසේ කියා යන්නට ගියාය.
නෙදකින් බයගුල්ලා. . බීලා ගෙදර එන්ඩ බයේ. . . සිංහ කූඩුවට වෙලා නිදි....

Governor

එක්‌තරා රටක ආණ්‌ඩුකාරයෙක්‌ එරට පිස්‌සන්කොටුව නැරඹීමට ගියේය.
"ඔහේ කවුද?" එක්‌ පිස්‌සෙක්‌ ඔහු ඉදිරියට පැමිණ ඇසුවේය.
"මම තමයි මේ රටේ ආණ්‌ඩුකාරයා."
එවිට මඳ සිනහවක්‌ පෑ පිස්‌සා මෙසේ පැවසීය.
"අපිත් ආපු දවස්‌වල නම් කිව්වේ ඔහොම තමයි. නමුත් ඉන්ජෙක්‌ෂන් දෙකක්‌ තුනක්‌ වැදුනහම ඕක හරියයි..."

Friday, June 15, 2012

High grade Fever

අසනීපයෙන් පසු වූ නිහාල් ගේ උණ බලා වැරදි ලෙස උණ කටුව කියැවූ අනෝමා බියට පත්ව වහාම තම පවුලේ වෛද්‍යවරයාට දුරකතන ඇමතුමක් දුන්නාය.

අනේ ඩොක්ටර් ඉක්මන් කරලා එනවද? මගෙ මහත්තයගෙ උණ අංශක එකසිය විස්සට නැඟලා.

එහෙනං මිසිස් අනෝමා මට ඇවිත් වැඩක් නැහැ. ගිනි නිවන හමුදාවට කෝල් කරන්න.වෛද්‍යවරයා වහා පිළිතුරු දුන්නේය.

It is law

මහේස්ත්‍රාත් වරයා- ''පොලිස් කාන්තාවක ගේ රාජකාරියට බාධාකිරිම බරපතල වරදක් බව තමා දන්නේ නැද්ද''

විත්තිකරැ- ''දන්නවා ස්වාමිනි ඒත් එයා මගෙ හැදුනුම් පත බලල ලිපිනය ලියාගත්තා.''

මහේස්ත්‍රාත් වරයා- ඊට පස්සේ

විත්තිකරැ- ''මං කිව්වෙ ගෙදර ගැනිට අහුවෙන හින්දා ඒ ලිපිනයට ලියුම් එවන්න එපා කියල''

How to buy?

බණ්ඩප්පු හද්දා පිටිසර ගොවියෙකි. ඔහු දිනක් තම අට හැවිරිදි පුතුද සමග එළදෙනක් මිලදී ගැනීමට ගියේය. එහිදී එළදෙනගේ හිසේ සිට වලිගය දක්වාම
අතගා බැලූ බණ්ඩප්පු ඇයගේ කටත් හැර බැලුවේය.

" ඇයි තාත්තේ ඔය ? "

" එහෙම තමයි පුතේ... සල්ලි දීලා යමක් ගන්න කලින් හොඳට හොයලා අතගාල බලන්න ඕන. විශේෂයෙන්ම පණ ඇති සතෙක් ගන්න යනකොට.
තේරුණාද ? "බණ්ඩප්පු පුතාට කියා දුන්නේය.

දින කීපයකට පසු බණ්ඩප්පු එළවලු කොරටුවේ වැඩ කරමින් සිටියදී ඔහුගේ පුතා හති දාමින් දුවගෙන අවේය.

" තාත්තෙ... තාත්තේ...... අන්න අර ටවුමෙ කඩේට අලුතින් ඇවිත් ඉන්න අයියා අපේ අක්කව සල්ලිවලට ගන්න ඇවිල්ලා. ඉක්මනට යං !! "

Airport

අතිශයිනම රූමත් තරුණියක් නවීනම පන්නයේ ඇඳුමකින් සැරසී රාත්‍රී සමාජ ශාලාවට පැමිණියාය. ඒ වනවිටත් සමාජ ශාලාවේ සිටි පිරිසෙන්
වැඩිම දෙනෙක් ඇය දෙසට නෙත් යොමු කළෝ වූහ. ඒ ඇයගේ තුණු සපුවේ වැඩි කොටසක් හොඳින් නිරාවරණය වී තිබුණු බැවිනී.

සුළු වෙලාවකින්ම ඇය හා මිතුරුවුණු තරුණ පිරිසක් ඇය වටකොට ගත්හ. ඔවුහූ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට වූහ. එහෙත් එක් තරුණයෙක්
පමණක් කතාබහට සහභාගි නොවී ඇයගේ කරේ පළඳා තිබුණු සිහින් රන් මාලය දෙස ආසාවෙන් බලා සිටින්නට විය. ඒ රන් මාලය අග කුඩා
අහස් යානයක ආකෘතියක් එල්ලෙමින් තිබුණී.

තරුණිය මේ නිහඬ තරුණයාවත් කතාවට ඈඳාගන්නට සිතා මෙසේ විමසුවාය.

" මට පේන්නේ ඔයා ප්ලේන් වලට හරි ආසයි වගේ. ඊක නේද ඔච්චර ආසාවෙන් මේක දිහා බලන් ඉන්නේ..... ? "

" නෑ... නෑ.. මං බලන් හිට්යේ ප්ලේන් එක දිහා නෙවෙයි. ඒක නවත්තලා තියෙන එයාර්පෝට් එක දිහා. "

Thirst?? Drink water!

යාළුවො දෙන්නෙක් වැවක් අයිනෙ හීල් හෙවණක වාඩිවෙලා " ත්‍රෛලෝක විජයපත්‍රම් " සුරුට්ටුවක් බොන්න පටන් ගත්තා.
මේ දෙන්නා මාරුවෙන් මාරුවට සුරුට්ටුව උරන දිහා වඳුරෙක් බලන් හිටියා. ඌටත් ආස හිතුණා සුරුට්ටුව උරලා බලන්න.

ටික වෙලාවක් යනකොට " කර්පට් " වෙලා හිටිය යාළුවො දෙන්නා ලඟට වඳුරු නාම්බා ඇවිත් සුටුස් ගාලා සුරුට්ටුව උදුර ගෙන
කැලේට පැන්නා.

දැන් ඔන්න ඌත් ගහක අත්තක් උඩට වෙලා සුරුට්ටුව උරනවා. පොඩ්ඩක් වෙලා යනකොට වඳුරටත් අමත පදං.

වඳුරා " ෂපාන් " එකේ ගහේ අත්තක් උඩ දිගාවෙලා ඉන්නවා. එතකොට ඔතනින් යන්න ආවා කටුස්සෙක්. කටුස්සා බැලුවා කවදාවත් නැතුව
වඳුරා මොකෝ ඇලට් එකක් දාලා ඉන්නේ කියලා. කටුස්සා වඳුරට කතා කරා.

" ෂ් ... ෂ් ... "

වඳුරා යාන්තමට බෙල්ල හරවලා සද්දෙ ආපු දිහාව බැලුවා. හොඳට වැදිලා හිටිය වඳුරගේ ඇස් දෙක රතුම රතු පාටයි. බාගෙට පියවිලා.

" මොකෝ ... ? " වඳුරා වෙරිමරගාතෙන් ඇහුවා.

කටුස්සත් මුකුත්ම හිතාගන්න බැරුව බලන් හිටියා.

" ඕනෙද ... " වඳුරා සුරුට්ටුව පෙන්නලා ඇහුවා.

" මොනවද ඔය ... ? " කටුස්සා ඇහුවා.

" ෂ් ... ෂ් ... හෙමින් .. හෙමින් ......... ගංජා ... . නියම ආතල් එක මල්ලී ... ෂා....... " වඳුරා කිව්වා.

ඒ කතාව ඇහුණම කටුස්සටත් ආස හිතුණා. ඔන්න ඌත් සුරුට්ටුව ඉල්ලගෙන උගුරු හත අටක් ඇද්දා. දැන් කටුස්සටත් හොඳට සූර්.

දන්නවද ? ගංජා බිව්වම උගුර කට වේලෙනවා. තිබහකුත් දැනෙනවා. දැන් කටුස්සටත් තිබහයි.

" නැ..ද්..ද.. අයියා ව..තුර ටික..ක්.... ම්..මාර තිබ්..බහයි.... ! " කටුස්සා වඳුරගෙන් ඇහුවා.

" ව්..ව..තුර..... ? " ආතල් එක කඩා ගන්න අකමැති නිසා, වදුරා වැව පැත්තට අත දික් කරා.

ඔන්න කටුස්සා සුරුට්ටුව වඳුරටම දීලා වැව පැත්තට යනවා වතුර බොන්න. යනවා නෙමෙයි, පාවෙනවා.

මේ අමුතු කටුසු වෝක් එක දැක්ක වැව් ඉවුරෙ හිටපු තඩි කිඹුලෙක්. වෙනදට කිඹුලව දැක්කම දුවන කටුස්සා, අද ගානක් නැතුව ඔහේ ලඟට එනවා.
කිඹුලට උතුර දකුණ මරුවුනා සීන් එකට !

" මොකෝ කටුසු මල්ලී ... " කිඹුල ඇහුවා.

" මාර තිබහයි අයියා... ගත්තා නියම ආතල් එකක්. "

" ආතල් එකක්.... ? "

" ඔහොමම යන්ඩ අයියා. අර ගහ උඩ ආන් ඉන්නවා වඳුරු අය්යා. එයා ළඟ තමයි බඩු තියෙන්නේ... "

කිඹුලට පාර පෙන්නලා කටුස්සා වතුර බොන්න ගත්තා. කිඹුලා ගහ යටට යනකොටත් වඳුරා ඇලට් පාර දාගත්ත ගමන්මයි. කිඹුලා වඳුරට කතා කළා.

" ෂ් ... ෂ් ... "

සූර් පිටම වඳුරා යන්තමට ඇස් ඇරලා බැලුවා විතරයි, දැක්කේ කිඹුලව.

" අ..ඩ්..ඩෝ.... උඹ ඔච්චර ඉදිමෙනකල් වතුර බිව්වද යකෝ ....... ? "

වඳුරා පුදුමවෙලා ඇහුවා.

Wednesday, June 13, 2012

Do you have faith?

සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය.

ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.

තම බිරිඳ දෙසට හරුනු සැමියා, "මම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!" යැයි අමනාපයෙන් පැවසීය.

යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, "ඇතුලට එන්න" යැයි ගොරෝසු හඬක් කීය.

දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතයක්ද දිස් විය.

"ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ??" එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය.

"ඕහ්... අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න" සැමියා සමාව ඉල්ලා සිටියේය.

"නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්" යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.


"හප්පා!, මේක මාරයිනෙ" යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය, "මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!"

"අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!" යැයි බහිරවයා පිළිතුරු දුනි.

"හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??" බහිරවයා බිරිඳගෙන් ඇසීය.
මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, "මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා" යැයි කීවාය.

"හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවි" යැයි බහිරවයා කීය.

"හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??" යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ.

"මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න!!" යැයි බහිරවයා කීය.

එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, "ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??"

මද වේලාවක් කල්පනා කල බිරිඳ, "ඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?" යැයි කීවාය.

"ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා" යැයි කීය.

ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, "ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?"

"ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි" යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.

"සිරාවට?! , අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද??"

The Good, the Bad and the Ugly

1. Good: Your wife is pregnant.
Bad: It's triplets.
Ugly: You had a vasectomy five years ago.

2. Good: Your wife's not talking to you.
Bad: She wants a divorce.
Ugly: She's a lawyer.

3. Good: Your son is finally maturing.
Bad: He's involved with the woman next door.
Ugly: So are you.

4. Good: Your son studies a lot in his room.
Bad: You find several porn movies hidden there.
Ugly: You're in them.

5. Good: Your hubby and you agree, no more kids.
Bad: You can't find your birth control pills.
Ugly: Your daughter borrowed them.

6. Good: Your husband understands fashion.
Bad: He's a cross-dresser.
Ugly: He looks better than you.

7. Good: You give the 'birds and bees:' talk to your daughter.
Bad: She keeps interrupting.
Ugly: With corrections.

8. Good: The postman's early.
Bad: He's wearing fatigues and carrying a shotgun.
Ugly: You gave him nothing for Christmas.

9. Good: You son is dating someone new.
Bad: It's another man.
Ugly: He's your best friend.

10. Good: Your daughter got a new job.
Bad: As a hooker.
Ugly: Your co-workers are her best clients.
Way ugly: She makes more money than you do

Tuesday, June 12, 2012

Blood Test

Blood Test

Are u relaxing?

ඔන්න නිවාඩු දවසක අපේ ඈම්ඩා මුහුදු වෙරල පෑත්තේ ගියලු පොඩි ආතල් එකක් ගන්න ඕනි කියල..පොරත් ගියේ තනියමලු..දත කට මෑදගෙන ගියලු...මොකද ඔය බිකිනි ගහගෙන එන අයව බලන්න පුලුවන්නේ....

ඈම්ඩා ගිහින් වෙරලෙ කෙරවලක පොඩි පෑදුරු කෑල්ලකුත් දාගෙන බියර් එකකුත් ගහගේන ශපාන් එකේ ඉන්නවලු...
ටික වෙලාවක් යද්දී ඔය එක්සයිස් කරන සුද්දෙක් ඈම්ඩා පහු කරන් යන ගමන් ඈහුවලු

ආ යූ රිලෑක්සින්?

ඈම්ඩා උඩ බිම ගියලු....මොකහ ඈම්ඩට වෑඩිය කඩ්ඩ තෙරෙන්නේ නෑ නේ...
කල්පනා කරල ඈම්ඩා කිව්වලු

නෝ කියල...

පස්සේ ඒ සුද්දා හිනා වෙලා ගියාලු..

තවත් සුද්දෙක් ආවලු එක්සයිස් කරන...

මේ සුද්දත් ඈහුවලු

ආ යූ රිලෑක්සින්?

ඈම්ඩා ඒ පාරත් නෝ කියල කිව්වලු...

පස්සේ ඒ සුද්දත් හිනා වෙලා ගියාලු..

මෙහෙම සුද්දෝ 2, 3න් දෙනෙක්ම ඈවිත් අර ප්‍රශ්නයම ඈහුවලු...

ඈම්ඩ හෑම එකාටම නෝ කියල මල පෑනල හිටියේ..

බෑරිම තෑන පෑදුරු කෑල්ලත් අරන් ඈම්ඩා ගෙදර යන්න පිටත් වුනාලු...

ඔහොම යනකොට ඈම්ඩා හිටපු තෑනට පොඩ්ඩක් එහා පෑත්තෙන් ඉන්නවලු තඩි සුද්දෙක් පෑදුරක් දාගෙන වෑල්ලේ නිදා ගෙන...

ඈම්ඩාත් පොඩි හිනා පාරක් දාල පොරගෙන් ඈහුවලු

ආ යූ රිලෑක්සින්? කියල

සුද්දා හිනා වෙලා කිව්වලු යස් කියල

ඈම්ඩට එක පාරටම මල පෑන්නලු

ඈම්ඩා සුද්දගේ ඈගට ගොඩ වෙලා කිව්වලු

ඈ බොල _ _තෝ තෝව හෑම තෑනම හොයනව ගිහින් බලපන්...

Types of කොක්කු


පාලම් කොකා - කෝලම් මඩු වල බිත්තර දමයි

පත්තු කොකා - කොත්තු කෑමට කෑදර කොකුන් විශේෂයකි.

පස් ඇට කොකා- කොස් ඇට කෑමට රුචි විශේෂයකි.

පස්කොල කොකා- කොස් කොලයක් මෙන් වැහැරීගිය කොක් වර්ගයකි

පට්ට කොකා- කොට්ට මත බිත්තර දමන විශේෂ කොක් වර්ගයකි.

පට්ටම් කොකා- කොට්ටම් ගස්වල ලගින කොක් විශේෂයක්.

පාඳුරු කොකා- ඉතාම කුඩා කොක් විශේෂයක්

පාච්චි කොකා- ඉතා දිග කොකුන් වර්ගයකි. දුම් රිය ස්තාන වල බහුලව වෙසේ.

පාදු කොකා - අඩි-කෝදු මත කූඩු සාදන කොක් විශේෂයකි.

 පා කොකා - ඉතාම විරල වඳ වී යාමට ආසන්න කොක් විශේෂයක්.

Sunday, June 10, 2012

Pray to God

අයෝමා තම පුතාගේ කාමරය අසලින් යන විට පුතාගේ හඬ ඇසී කාමරයට එබිකම් කළ විට දක්නට ලැබුණේ කතරගම දෙවියන් ඉදිරියේ වැද වැටී මොනවාදෝ මුමුණන තම පුත්‍රයායි’.

‘අනේ දෙවියනේ නේපල්ස් නගරය ඉතාලියේ අගනුවර කරන්න’ මේ විදියට කිහිප සැරයක් කියමින් දොඩවන තම පුත්‍රයා අසලට ගිය අයෝමා,

“මොකක්ද පුතේ ප්‍රශ්නය” යි ඇසුවාය.

“අනේ අම්මා මම ඊයේ ටෙස්ට් එකට ලිව්වේ ඉතාලියේ අගනුවර නේපල්ස් කියලයි’ ඒක එහෙම වෙන්න කියලා මම දෙයියංගෙන් ඉල්ලුවා” යි දරුවා කීවේය.

Gold Commode

දෙසැම්බර් 31 දින මග දිගට පාටි වලින් අඩුවක් නැත....මෙවන් මහඟු අවස්තාවක් ලැබෙනකන් පුන පුනා බලාසිටි කන්තෝරු ඩයල් එකක් එදින මහ රෑ වනතුරුම තම මිතුරන්ගේ ගෙවල් වල කරක් ගසමින් හොඳ හැටි පදම් වී පාන්දර ජාමේ අමාරුවෙන් තම ගේ හොයාගෙන ආවේය....පසුදින නැගිට වැඩට යන්නට ලැස්ති වී තම අතේ බඳින ඔරලෝසුව නැතිවී ඇති බව දැනගෙන ෆුල් නන්නත්තාර් විය...."තමුසෙට අගයක් නෑ...ඇයි අපේ මල්ලිනේ ඔහෙට ඕක දුන්නේ...බලනවා ඕයි අච්චර වටින හොඳ ඔරලෝසුව...කනමදය වගේ බීල කොහේ හරි ගුබ්බෑයමක දාල එන්නැති"

"ආ...මට මතකයි මට මතකයි...කොහේ නමුත් මට මතකයි මම චූ කරද්දී තමයි ඕක ගැලෙව්වේ...ඒ ගෙදර තිබ්බෙ රත්තරං පාට කොමොඩ් එකක්." පොර කීය....

"මට කමන්නෑ.......තමුසේ ඕක කොයි ලෝකෙන් හරි හොයාගෙන නැතුව අද ගෙදර එනව නෙවේ"....සිය ප්‍රිය බිරිඳ එසේ පාන්දරම වරෙන්තු නිකුත් කළාය...

පසුව තමා ඊයේ රෑ ගිය රූට් එක දිගේ ගෙයින් ගෙට යමින් පොර ඔරලෝසුව හොයන්නට විය...
"මෙහේ රත්තරං පාට කොමොඩ් එකක් තියෙනවද ?"
හැම ගෙදරකින්ම ලැබුනේ "නෑ" කියන පිළිතුරයි...

ඔහොම යද්දී එක ගෙදරක කාන්තාවක් එළියේ රෙදි වනමින් සිටියාය ....
"සමාවෙන්න නෝනා...මෙහේ රත්තරං පාට කොමොඩ් එකක් තියෙනවද ?"

එකවරම ඔහු දෙස රවා බැලූ කාන්තාව...ගේ දෙසට ඔලුව හරවා...."ඒයි...හැරී...ඇහුනද....මෙන්න ඊයේ රෑ ඔයාගේ සැක්සෆෝන් එකට චූ කරපු එකා ඇවිල්ලා."......

Get out Dog!!

අපේ කථානායකයට තමයි පොල් සමන් … මේකා අම්බ බොගයා.. ඒ කියන්නේ පොතේම DIAL එකක්.. මූ SCHOOL යද්දිත් කෙල්ලෙක් දිහා ඇහක් ඇරලා බලලා නෑ… මේ හේතුව නිස මූ Campusu ත් ගියා… ගිරවුන්ට Maths එහෙම අමාරු නිසා මූ Select උනේ Physical . ඒ Upset එකට මූ Uni ගිය දවසෙ ඉදන්ම පොතේම් ඉදල Special එකකුත් කරල 1st Class එකකුත් අරන්…

හැබැයි මූ වැදගත්ම දේ අතපසු කරලා.. ඒ කියන්නේ කෙල්ලෙක් SET කරගන්න එ ක.. ඉතින් දැන් ගෙදරටත් මූ මහා වදයක්ලු… නිකන් ගෙදරට නාකි වෙනවනේ… ඉතින් දෙමව්පියෝ බොහොම මහන්සි වෙලා හොද ගෑනු ළමයෙකුත් හොයල.. එයාව බලන්න ගියපු වෙලාවෙනේ මූට මේ භයානක අධෝවාතය SET උනේ..

ඉතින් මොනා කරන්නද.. නවත්ත ගන්න දත් තියෙනව කියලයැ..? මූ මේක කොටස් 3කට කඩල යවන්න PLAN කලාලු.. මුල් කොටස් වලින් අවුල්ද කියලා දැන ගන්නත් පුලුවන්නේ…

ඉතින් මූ මුල් කොටස ඇරියා කියමුකෝ… නිකන් සදාම් හුසේන් ඉරාකයෙදි විෂ දුම් බෝම්බයක් ගැහුව වගේ ගදයිලු.. මූට කරගන්න දෙයක් නෑනේ.. මූ බබා වගේ හිටියලු… කොහොම හරි කෙල්ලගේ තාත්තා…” දුප්:.. බල්ලා” කියලා බැන්නලු.. මූ බයවෙලා Uncle මූටද බැන්නේ කියලා.. බැලින්නම් මුගේ පුටුව යට බල්ලෙක් ඉදල තියෙනව ඌටයි බැනලා තියෙන්නේ…

දැන් අපේ සමනට මාර FUN ලු මොකද ඉතින් බල්ලනේ වැඩේට මාට්ටු වෙලා තියෙන්නේ… ඊලගට මූ කිසි බයක් නැතුව දෙවෙනි කොටසත් ඇරියලු.. ඒ ගමන නම් ඉන්නම බැරිලු.. හරියට බේරේ වැවේ වතුර පනිට්ටුවක් ඇගේ හලන් ආවා වගේලු ගද… ඒ ගමන Uncle බල්ලට බොහොම සැර දැම්මලු එලවන්න . ඒත් බල්ල හෙලවුනේවත් නෑලු…

අපේ බුවාට කොච්චර HAPPY ද කියලා කියන්න ඕන නෑනේ… අනික බල්ලා ගියෙත් නෑනේ.. මූ ඉතින් පොරසේ අන්තිම කොටසත් ඇරියලු..
ඔන්න එතකොටම UNCLE මාරාවේසයෙන් වගේ ඇවිත් බල්ලට පයින් ගහලා එලෙව්වලු.. හැබැයි එලවන ගමන් මෙහෙමත් කිව්වලු..
 “ යකෝ පර බල්ලො ඉක්මනට ඔතනින් පල.. තව ටිකකින් ඕකා උඹේ ඇගටම රෙ… (කක්ක කරයී).

Mom said Go play outside


President Mahinda Rajapaksha joins FaceBook

President Mahinda Rajapaksha joins FaceBook

It's Sri lankan politics


මර්වින් සිල්වා ඇමතිතුමා දිනක් පාසලකට ගියේ උත්සවයක ආරාධිත අමුත්තා ලෙසටය...
උත්සවය අවසානයේ ඔහු පන්ති කමරයකටද ගොඩ වුනි.
පන්තියේ ළමයි අමතා ,
"මේ ළමයිට තියෙන ඕනෙම ප්‍රශ්නයක් මට කියන්න"
සරත් දඩස්
ගාල නැගිට මෙසේ කීය,
"මට තියෙනවා ප්‍රශ්න දෙකක් අහන්න"
"ඔව්
කියන්න බලන්න" ඇමතිතුමා කීය.
"එක , ඔබතුමා ජන්දය දින්නේ හොරෙන් කියන්නේ ඇත්තද.?
දෙක , ඇයි එහෙම පත් වුනානම් ඉල්ලා අස් නොවන්නේ?"
එසැනින් විවේක කාල සීනුව
නාද වුන අතර ළමුන් එලියට ගොස් විවේකය අවසානයේ නැවත පන්තියට පැමිණියේය ...
"හොදයි බෙල් එක ගහපු නිසා මට උත්තර දෙන්න බැරි වුන.හරි දැන් අහන්න ඕනෙම ප්‍රශ්නයක්.." ඇමතිතුමා කීය.
එවර නැගිට්ටේ අනුරය .
"මට අහන්න තියෙනවා ප්‍රශ්න තුනක්..
"එක, ඔබතුමා ජන්දය දින්නේ හොරෙන් කියන්නේ ඇත්තද.?දෙක, ඇයි එහෙම පත් වුනානම් ඉල්ලා අස් නොවන්නේ?
තුන , ඉන්ටවල් එකට කලින් හිටපු සරත් කෝ "

Saturday, June 9, 2012

Wisdom of a Captain

මේක මීට වසර 200කට විතර කලින් එංගලන්තයේ සිද්ද වෙච්ච කතාවක්. එංගලන්ත නාවික හමුදාවේ හිටියා බොහෝම ප්‍රසිද්ධ කපිතාන් කෙනෙක්. දවසක් මෙයා එයාගේ යුධ නැවේ නැව් තට්ටුවට වෙලා විවේක සුවයෙන් පසුවෙන කොට නැවේ දෙවන නිළධාරියා මෙයා දිහාවට දුවගෙන දුවගෙන ඇවිත් මෙහෙම කෑ ගැහුවා.

"කපිතාන්තුමනි ප්‍රංශ යුධ නැවක් අපි දිහාට එනවා"

මේක ඇහුව කපිතාන් කලබල උනේ නෑ,බොහෝම සන්සුන්ව මෙහෙම කිව්වා.

"ගිහින් මගේ රතු පාට කමිසය අරන් එන්න"

දුවලා ගිය නැවේ නිළධාරියා කපිතාන් ගේ රතු පාට කමිසය රැගෙන ආ පසු කපිතාන් එය ඇද ගත්තා.මොහොතකින් සටන ආරම්භ වුනා. ද්වන්ධ සටනකින් පස්සේ එංගලන්ත යුධ නැව අති විශිෂ්ඨ ජයක් ලැබුවා.

ජයග්‍රහනය සමරන්න පසුව පවත්වපු සාදයේදී කපිතාන්ට කිට්ටු කරපු නැවේ දෙවන නිළධාරියා කපිතාන් ගෙන් මෙහෙම ඇහුවා

"ඇයි කපිතාන් සටනේදී අදින්න රතු පාට කමිසය ගේන්න කිව්වේ?"

කපිතාන් බොහෝම ගාම්භීරව මෙහෙම උත්තර දුන්නා

"යුද්ධයේදී මම තුවාල වෙලා මගෙන් ලේ ගැලුවොත් ඒ බව දකින අපේ සොල්දාදුවෝ දුර්මුඛ වෙන්න පුලුවනි ඒත් රතු පාට කමිසය ඇන්දාම ඒකෙ පාටත් රතු නිසා සොල්දාදුවෝ මම තුවාල වූවත් ඒ බව දැන ගන්නේ නෑ,එතකොට ඔවුන් දිගටම ධෛර්යමත්ව සටන් කරයි"


මේ සිද්දියෙන් පස්සේ නැවේ දෙවන නිළධාරියා කපිතාන්ගේ රණ ශූරත්වයත් ස්ථානෝචිත ප්‍රඥාවත් ගැන බොහෝම පැහැදුනා. ටික දවසකට පස්සේ නැව් තට්ටුවට වෙලා කපිතාන් සහ නැවේ දෙවන නිළධාරියා සාකච්ඡා කරමින් සිටි ස්ථානයට දුවගෙන ආව සෙබලෙක් මෙහෙම කෑ ගැහුවා.

"කපිතාන්තුමනි... කපිතාන්තුමනි.. ප්‍රංශ යුධ නැව් තිහක් පමන අපි දිහාට එනවා"

මේක අහපු ගමන් නැවේ දෙවන නිළධාරියා පැනපු ගමන් කපිතාන් ගෙන් ඇහුවා

"කපිතාන් තුමනි රතු පාට කමිසය ගේන්නද?" කියලා.

හොදටම කලබල වෙලා හිටිය කපිතාන් මෙහෙම කෑ ගැහුවා.

"රතු කමිසේ නෙවේ බොල අරං වරෙන් මගේ කහ පාට කලිසම "

Friday, June 8, 2012

Parrot in the Air Plane

දවසක්ද බිස්නස් කාරයෙක් ප්ලේන් එකේ ගමනක් යන්න ඉඳගත්ත. අල්ලපු සීට් එකේ හිටියේ ගිරවෙක්.
ටිකක් වෙලා යනකොට ගිරවා කෑගහල කියනවා ' මට විස්කි එකක් ගේනවා ' කියල. මේක දැකපු බිස්නස් කාරයත් කියනවා ' මටත් විස්කි එකක් ඕන ' කියල.

විනාඩි කීපයක් යද්දී ගිරවට මල පැන්න පරක්කු හින්ද.

'මොන මගුලක්ද ඕයි තමුසෙලාගේ ස'විස් එක ? ඕක ඉක්මනට ගේනවා. '

මේක අහපු බිස්නස් කාරයත් හිතුව පොර වෙන්න. ගිරවට එහෙම පුලුවන්නම් මට කොහොම බැරිද කියල මිනිහ කෑ ගහනවා
' මොන හු ---ක්ද යකෝ , කෝ මගේ විස්කි එක ?'
කියල.

ප්ලේන් එකේ කොල්ලෙකුට මල පැන්න මේක අහල. ඌ මොකද කරේ ප්ලෙන් එකේ හැච් එක ඇරලා ගිරවයි මිනිහයි දෙන්නම තල්ලුකරා එලියට.

බිමට වැටෙන ගමන් ගිරවා කියනවා පන බයේ සරමේ චූ ගිහින් ඉන්න බිස්නස් කාරයට ,
' උඹ නම් එල කොල්ලෙක් මචන්. පිහාටු නැති එකෙක් ප්ලේන් එකේ ඔහොම සද්දයක් දානවා දැක්කමයි.
'

පාඩම : කරන්නන්වාලේ කරන්න එපා. ලොකු උන් පස්සෙන් ගියොත් ඇනගන්න වෙනවා. 

Fun Story by Rodney


A Real Lion??

ඔන් එක චණ්ඩියෙක් වගේ ඩයල් එකක් නැග්ගලු බස් එකකට. නැගලා පොර කියනවලු "සිංහයෙක් බස් එකට නැග්ගෙ ඈ ..........." කියලා. ඉතිං දැන් පොරට ඉස්සරහට යන්න විදියක් නැහැලු සෙනගලු මිනිහා ඒ ගමන කියනවලු. "දැන් සිංහයට ඉස්සරහට යන්න මේ බස් එකේ ඉඩ නෑ එතකොට ......."ඉතින් මිනිහ පච්චයක් එහෙම ගහලා සුදු යකඩ චේන් දෙක තුනක් එහෙම දාලා හෙන මැර ටයිප් එකකට හිටිය නිසා මිනිස්සුත් බය වෙලා ඉඩ දුන්නලු .............

ඊ ලඟට පොර ඉස්සරහට ගියාලු වාඩි වෙන්න සීට් නෑලු. ඉතිං පොර සීට් එකක් ලඟට ගිහිං කියනවලු "එතකොට සිංහයට වාඩි වෙන්න සීට් නෑ එහෙනම් ............" කියලා. අනේ ඉතිං ඒ සීට් එකේ මෙහා පැත්තෙ හිටියෙ වයසක අන්කල් කෙනෙක්ලු. පොර ඉතිං මොකටද ඉතිං නැති ප්‍රශ්න හදා ගන්නෙ කියලා දුන්නලු සීට් එක. වීදුරුව අයිනෙ හිටියෙ හත අට වසරෙ විතර පොඩි දරුවෙක්ලු. දැන් ඉතිං පොඩි එකත් බය වෙලා අයිනට ගුලි වුනාලු ..........

ටික දුරක් යනකොට පොරට ඕන උනාලු වීදුරුව අයින ඒ ගමන පොර කියනවලු "එතකොට සිංහයට වීදුරුව ලඟ යන්න ඉඩ නෑ එහෙනම් ......" කියලා. ඔන්න ඉතිං අර පොඩි කොල්ලා බය වෙලා අයිනත් දුන්නලු. දැන් පොඩි එකාට ඉන්න බැරිලු ප්‍රශ්නයක් එනවලු අහන්නම අර හාදයගෙන්. "අන්කල් මම ප්‍රශ්නයක් අහන්නද" කියලා ඇහුවලු. පොර කියනවලු "සිංහයන්ට මොන ප්‍රශ්නද බොල අහපං බලන්න කියලා ......" කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා. ආයිත් ටික වෙලාවකින් කොල්ලට ඉන්නම බැරුව අහනවලු "අන්කල් ප්‍රශ්නයක් තියනවා අහන්නද කියලා" ආයිත් පොර කියනවලු "අහපං කොල්ලො සිංහයන්ට මොන ප්‍රශ්නද කියලා ....." ආයිත් කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා ............

දැන් ඉතිං අර මැර හාදයත් වට පිට බල බල යනවලු කොල්ලත් බයෙන් වගේ ගුලි වෙලා යනවලු. ඉතිං කොල්ල බහින හෝල්ට් එකට කිට්ටු වෙලා නැගිටින්න හදන කොට අර මැර හාදයට මතක් වුනාලු මූ ප්‍රශ්නයක් අහනවා කිව්වට ඇහුවෙ නෑනෙ කියලා. පොර කියනවලු "මොකක්ද කොල්ලො උඹ අර සිංහයගෙන් අහන්න තිබුනයි කිව්වෙ .... දැන් අහපං දැන් අහපං ....." කියලා. ඉතිං කොල්ලත් ආයිත් අහනවලු "කමක් නැද්ද අන්කල් ඇහුවට" කියලා. "අහපං අහපං සිංහයන්ට විසඳන්න බැරි ප්‍රශ්න නැහැ ....." කියලා පොර කිව්වලු.

කොල්ලා ටිකක් ඉස්සරහට එහෙම ගිහිං අහනවලු "අන්කල්ගෙ අම්මා කැලේට ගියාද නැත්නම් සිංහයෙක් ගෙදරට ආවද කියලා .......

What is that animal grandfather?


සිංහල ටිකක් එහෙම දන්න ඇමරිකානුවෙක් ගියාලු ලංකාවේ දුෂ්කර ගමකට. එහෙදි පොරට ලංකාවෙ වයසක සීය කෙනෙක් හමු වුනාලු. ඉතින් මේ පොර ලඟ තියන ගැජට් දැකල ඒ වයසක උන්දැට හෙන පුදුමයි ලු.

දවසක් මේ ඇමරිකානුවා තමන්ගෙ ලොකුව පෙන්නන්නත් එක්ක මේ වයසක උන්දැට චැලේන්ජ් එකක් දුන්නලු...

මං උඹෙන් සාමන්‍ය දැනීම ප්‍රශ්නයක් අහනවා උඹට උත්තර දෙන්න බැරි උනොත් මට රුපියල්5 ක් දීපන් උඹ අහන එක මට බැරි උනොත් උඹට මං රුපියල්500 ක් දෙනවා කියලා.
වයසක උන්දැත් දෙසැරයක් කල්පනා කරන් නැතුව මේකට කැමති උනාලු..

අමෙරිකානුවා :
පෘථිවිය ඉදන් හඳට දුර කීයද?

වයසක උන්දැ කල්පනා කරල බැරිම තැන රුපියල්5 ක් අරං ඇමරිකන් පොරට දුන්නලු..ඇමරිකන් කාරය කින්ඩි හිනාවක් දැම්මලු..

දැන් වයසක උන්දැගෙ වාරෙලු

වයසක උන්දැ :
කකුල් තුනෙන් කන්දක් නැගලා කකුල් හතරෙන් කන්ද බහින සතා කවුද?

ඇමෙරිකානුවා, තමන්ගෙ ලැප් එකෙන් නෙට් සර්ෆ් කරලා, යාළුවො එක්ක ප්‍රශ්නෙ ගැන චැට් කරල, පැයකට විතර පස්සෙ බැරිම තැන පර්ස් එකෙන් රුපියල්500 ක් අරං දුන්නලු..

ඇමෙරිකානුවා :
ඇත්තටම ඒ සතා මොකාද සීයෙ?
















ඒක අහපු වයසක උන්දැ පර්ස් එකෙන් රුපියල්5 ක් අරං ඇමරිකානුවට දුන්නලු

Sunday, June 3, 2012

Tenison in Ridireyak 2009






Powercut


Politics

අපේ අතිශයින්ම ජනප්‍රිය ඇමතිතුමෙක් පාර්ලිමේන්තුවේ කතාවක් පවත්ත්වනවලු. මේ තියෙන්නෙ ඇමතිතුමා ගෙ කතාව

"එක තාත්ත කෙනෙක් හිටියා. මිනිහට පුත්තු 3 දෙනෙක් ඉන්නවා. මේ තාත්ත පුතාල තුන් දෙනාට රුපියල් 100 ගානෙ දීල කිවුවා පුතේ පුලුවන් නම් ඔය රුපියල් සීයෙන් මේ කාමරේම පුරවපන් කියල"

"පලවෙනි පුතා රුපියල් සීය අරන් ගිහින් ඒකෙන් ගන්න පුලුවන් උපරිම පිදුරු ප්‍රමානය අරගෙන ඇවිත් කාමරේ පිරෙවුවා. ඒත් කාමරේ පිරුනෙ නෑ."

"දෙවනි පුතා තමන්ට ලැබුන රුපියල් 100 අරන් ගිහින් ඒකෙන් ගන්න පුලුවන් උපරිම පුලුන් ප්‍රමාණය අරන් ඇවිත් කාමරේ පිරෙවුවා. ඒත් කාමරේ පිරුනෙ නෑ"

"තුන්වෙනි පුතා කඩේට ගිහින් රුපියලක් දීල ඉටිපන්දමක් අරන් ඇවිත් ඒක කාමරේ මැද පත්තු කරා. එතකොට මුලු කාමරේම ආලෝකයෙන් පිරිල ගියා"

"අපේ ජනාධිපතිතුමාත් අර තුන්වෙනි පුතා වගේ. එතුමා වැඩ භාර ගත්ත දවසෙ ඉඳන් අපේ රට සෞභාග්යයේ ආලෝකයෙන් පිරිලා තියෙන්නේ"

විපක්ශයේ මන්ත්‍රී කෙනෙක් කතාවට බාධා පමුනුවමින් : "එතකොට ඇමතිතුමා අර ඉතුරු රුපියල් අනූනමය?"

ඇමතිතුමා : තොගේ අම්මට &^%$#

Saturday, June 2, 2012

Don't copy if you can't paste!

A popular motivational speaker was entertaining his audience. He Said : "The best years of my life were spent in the arms of a woman who wasn't my wife!" The audience was in silence and shock. The speaker added: "And that woman was my mother!"

Laughter and applause.
A week later, a top manager trained by the motivational speaker tried to crack this very effective joke at home. He was a bit foggy after a drink. He said loudly to his wife who was preparing dinner, "The greatest years of my life were spent in the arms of a woman who was not my wife!"

The wife went; "ah!" with shock and rage. Standing there for 20 seconds trying to recall the second half of the joke, the manager finally blurted out "...and I can't remember who she was!"
By the time the manager regained his consciousness, he was on a hospital bed nursing burns from boiling water
Moral of the story: Don't copy if you can't paste!

Interview

සම්මුඛ පරීක්‍ෂකවරයා: ගුවන් යානයක ගඩොල් කැට 50ක් ඇත.ඔබ ඉන් ඒකක් පිටතට විසික් කළොත් කොපමණ ප්‍රමාණයක් ඉතුරු වි තිබේද?

අයදුම්කරු: ඒක ලේසියි,49යි.

සම්මුඛ පරීක්‍ෂකවරයා: මොනවද පියවර තුන අලියෙකු ශ්‍රීතකරණයක් තුළට දැමිමට?

අයදුම්කරු: ශ්‍රීතකරණය අරින්න,අලියා එය තුළට දමන්න,ශ්‍රීතකරණය වසන්න.

සම්මුඛ පරීක්‍ෂකවරයා: මොනවද පියවර හතර මුවෙකු ශ්‍රීතකරණයක් තුළට දැමිමට?

අයදුම්කරු: ශ්‍රීතකරණය අරින්න.
අලියව පිටතට අර ගන්න.
මුවාව ඇතුළට දමන්න.
ශ්‍රීතකරණය වහන්න.


සම්මුඛ පරීක්‍ෂකවරයා: එය වෙනවා සිංහයගේ උපන්දිනය,සියලුම සතුන් එහි පැමිණ සිටිනවා එක්කෙනෙකු හැර,ඒ ඇයි?

අයදුම්කරු: මක්නිසාද මුවා සිටින්නේ ශ්‍රීතකරණය ඇතුළේ.
සම්මුඛ පරීක්‍ෂකවරයා: කොහොමද වයසක කාන්තාවක් වගුරකින් එතර වෙන්නේ කිඹුලන්ගෙන් පිරී ඇති?

අයදුම්කරු:ඇයට එයින් එතර විමට පුලුවන් මක්නිසාද කිඹුලන් සිටින්නේ සිංහයගේ උපන්දිනය තියන තැන


සම්මුඛ පරීක්‍ෂකවරයා: අවසාන ප්‍රශ්නය.
ඒ වුණත් අවසානයෙදි මහලු කාන්තාව මැරුණා.ඒ ඇයි?

අයදුම්කරු: ඇත්තටම...මම අනුමාන කරනවා ඇය ගිලි මැරෙන්න ඇතැයි කියලා?

සම්මුඛ පරීක්‍ෂකවරයා: නෑ.ඇයට වැදුනා ගඩොල් කැටය ගුවන් යානයෙන් වැටුණු.දැන් ඔබට යන්න පුලුවන් 

Condom

ඔන්න එක කැලයක ඉන්නවලු බොහෝම දරුණු අපරාධ කරුවෙක්.. මූ ලඟ හැබැයි ඔය ලොකු ලොකු ආයුධ නෑ.. තියෙන්නේ එකම ආයුධයයි.. ඒ තමා ඒඩ්ස් රෝගියෙකුගේ රුධිර සාම්පලයක් සහිත එන්නතක්.. මූ කට්ටියව බය කරන්නේ ඒකෙන් අනිනවා කියලා.. බයට ඉතින් මිනිස්සු තමඟේ සබ්බ සකලමනාවම පුදනවා..

දවසක් උඩුරාවණ පොරගෙ ඔෆිස් එකේ සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් යනවා මේ කැලය හරහා.. අර බුවත් වේලි වේලි හිටියේ.. චාටර් දවසේ බස් එක දැක්කාම නිකම්ම කෙලින් උනා ( ශරීරය හොඳේ ).. පැන්න බස් එක ඉස්සරහට.. ඇරියා දොර.. " අඩෝව්... කවුරුත් සද්දේ දාන්නේ නෑ... පේනවනෙ අතේ තියෙන දේ  "

පබා මිස්: මො...මොකද්ද අයියේ ඔය..
බුවා: මේ ඒඩ්ස් කාරයකුගෙ ලේ, දීපල්ල තොපේ හැමදේම.. නැත්තම අනිනවා දැනගනිල්ලා..

කට්ටිය පෝලිමේ ඇවිත් මෑන්ට දෙනවා හැමදේම..උඩුරාවණගෙ වාරෙත් ආවා.. මිනිහා සද්දයක් නෑ.. කට වහගෙන සීට් එකේ ඉඳන් ඉන්නවා..

බුවා: ලොක්කා.. මොකෝ අලිවOශෙන්ද.. කට්ට ගහගන්නවද, බඩුටික දෙනවද?
උඩුරාවණ: දෙන්නෙ නෑ.. පුලුවන් දෙයක් කරනවා..

බුවාට මල පැන්නා.. ඇන්නා කට්ටෙන්.. ගියා ගත්ත බඩු ටිකත් අරන්..

පබා මිස්: මොකද්ද මිස්ට උඩුරාවන ඔයා කරගත්තේ.. දැන් ජීවිතේම ඉවරනේ..

සිරිපාල: ඒකනේ බන්.. බඩු වගේද තමන්ගෙ ජීවිතේ..

උඩුරාවණ: මට මොකුත් වෙන්නේ නෑ බන්, උඹලා බය වෙන්න එපා..

සිරිපාල: ඒ මොකෝ..

උඩුරාවණ: අරූ දන්නේ නෑ මන් කොන්ඩම් එකක් දාගෙන හිටියේ.

Jet Fuel


Time difference

An old man was sitting on a bench at the mall.

A young man walked up and sat down next to him.

He had spiked hair in different colours; green, red, orange, blue, and yellow.

The old man just stared at him.

The young man turned to him and said sarcastically, "What's the matter old timer, never done anything wild in your life?"

Without batting an eye, the old man replied, "Got drunk once and had sex with a Parrot.

I was just wondering if you were my son."

Logic


Private bus


Come another time


Hillock on the back


Can you understand


Teacher and Ted

Teacher : Ted, if your father has $10 and you ask him for $6, how much would your father still have ?
Ted : $10.
Teacher : You don't know maths.
Ted : You don't know my father!

That's why we called boss


Justin Bieber


Dress of a future women


Mr. President

ජනාධිපති ඔබාමා දිනක් තම රියෙන ගමනක් යද්දී ඔහුට අමුතු කික් එකෙක ආවේය..ඒ ඔහුට රිය පැදවීමේ ආසාවක් ඇතිවිය. ඔහු රියැදුර පසුපස අසුනට කදව රිය පැදවීමට පටන් ගත්තේය.
මද වෙලාවකින් පළාතේ පොලිස් මුලස්ථානයට ඇමතුමක් ලැබුණි...ඒ HP එකෙනුයි.

"සර්
පැයට කිලෝමීටර් 150 ක විතර වේගයෙන් වාහනයක් යනවා, එත් අල්ලන්න බයයි, කව්රු හරි වැදගත් මනුස්සයෙක් වාහනයේ ඉන්නේ"

" කව්ද නගරාධ්පතිද?"

"නෑ සර් ඊටත් වඩා ලොක්කෙක්"

"නැත්තම් ආණ්ඩුකාරද?"

"නෑ සර් කවරු හරි ඊටත් වඩා බලවත් කෙනෙක් වෙන්න ඕනි"

"එහෙනම් ජනාධිපතිද"

"එයටත් වඩා ලොක්කෙක් වෙන ඕනි සර්, මොකද වාහනේ එලවන්නේ ජනාධිපතිතුමා"

Fishing phohibited


Secret for living 100 years

වයස අවුරුදු සීයක් ඉක්මවූ පුද්ගලයෙකු ජීවත් වීමේ රහස පිලිබදව පුවත් පත් වාර්තා කරුවෙකු විමසීය
"පුතා හේතු 2 ක් තියෙනවා..එකක් තම මම හැමදාම රතු වයින් වීදුරුවක් බොන එක .. එක හදවතට හොදයි.."
"එතකොට අනිත් එක ?"
"මම ටයිටැනික් නැවේ යන්න ඉන්නකොට ඉඩ නෑ කියල මාව බැස්සුවා "

Girls are.....

ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගතවේ නම් ළදකට එය වියදම් කිරීමට තත්පරයක් ප්‍රමාණවත්ය.
-ඩාවින්චි-

ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුනේ නම් අද ගුරුත්වාකර්ශනයක් නැත.
-අයිසැක් නිව්ටන්-

ළදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය.නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂවය.
-අයින්ස්ටයින්-

පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටුවිට එපා වේ.
-මැක්රෝනි-

ඔබත් කෙනෙකුට ආදරේ කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරා ගනු ඇත. මෙහි විලෝමය සත්‍ය වේ.
-මයිකල් -

ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය.
-ඇන්ජෙලෝ-

ඔබගේ පෙම්වතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අතහරිනු ඇත.
-ශාරුක් කන්නන්ගර-

ඔබ ගස්ලබු, යෝගට්, පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම්, ඒවා ගෙදරට ගෙන ඒමෙන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය
-රිතික් රෝෂාන්-

What is more important?

දවසක්ද වෛද්‍යවරයෙක් හම්බවෙන්න ආපු මිනිහෙක් කියනවා : ඩ් ඩ් ඩොක්ට් ටර් ම ට්ට්ට ලොක්ක්කු ග් ග් ගොතයක් ත් ත් තිය ය නව . ම ම මොකුත් ක් ක් කරන්න බ බ බැරිද ? කියල.

ඩොක්ටර් කිව්වා අපි පරීක්ෂණයක් කරලා බලමු කියල. කියල ලොකු පරීක්ෂණ ගොඩක් කරලා කියනවා ගොතයට හේතුව හොයා ගත්ත කියල. මිනිහ ඇහුව මොකක්ද හේතුව කියල.

මෙහෙමයි. ඔහේගේ ශිෂ්ණය ගොඩක් දිගයි. ඉතින් down pressure ඔක්කොම ස්වර තන්තු වලට බලපාල ඒකයි.
ම ම මොකුත් ක්ක්ක් කරන්න බ්බ්බ් බැරිද ඩොක්ක්ක්ටර්?
පුළුවන්. ඔහේගේ ශිෂ්ණය කපල දාල කොට එක හයි කරන්න වෙනවා. කැමතිද?
කතා නොකර ඉඳල මොකටද ඩොක්ටර්. කමක් නෑ එහෙම කරන්න. කිව්වා මිනිහ.
ඉතින් ඩොක්ටරුත් වැඩේ කරා.

සතියකට විතර පස්සේ මිනිහ ආව ආයෙම ලොකු හදිස්සියකින්.
අනේ ඩොක්ටර් දැන් අපේ ගෑනි මොකවත් කරන්න දෙන්නේ නෑ කොට වැඩියි. ඕකෙන් මොනවා කරන්නද කියල අහනවා. වටේ ඉන්න උන් තමයි ගොඩ. ගොතේ තිබුනට කමක් නෑ පරණ එක ආපහු හයි කරලා දෙන්න කියල.
එතකොට ඩොක්ටර් කියනවා:
අ අ අ යිසේ ම්ම්ම්ම් මේ ද්ද්ද් දැන් නිකම් ව ව ව වචන වෙනස් ක්ක්ක් කරන්න එප්ප්පා හ්හ් හා හා හරිද? ප්ප්පාඩුවේ ය්ය්ය් යනවා ය්ය්යන්න කියල 

What women's really need?


ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.
අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා.
රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පල කලා. ඔච්චර අමාරු ප්‍රශ්නය මෙන්න මේකයි.


ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?



ඉතින් රජා තමන්ගෙ රටට ඇවිත් හැමෝගෙන්ම අහල බැලුවා. පූජකයින්ගෙන්, සිටුවරුන්ගෙන්, දිසාපාමොක්ලගෙන්, බමුනන්ගෙන් ... මේ හැමෝගෙන්ම ඇහුවා. උත්තර නම් ලැබුනා ඒත් හරියටම හරියන එකක් ලැබුනෙ නැහැ.


අන්තිමට හැමෝම කිව්වෙ රට කෙලවරේ ඉන්න නාකි මන්තර කාරි උත්තරේ දන්නව ඇති කියල. ඒත් රජා මන්තර කාරි ලඟට යන්න කැමති උනේ නැහැ. මොකද එයා උදව්වට හිලව් වෙන්න සමහර දේවල් ඉල්ලන හින්දා.

ඒත් ඉතින් මැරෙනවට වැඩිය මොනව හරි උත්සාහ කරන එක හොඳයි කියල පස්සෙ රජාට හිතුනා, මොකද අවුරුද්දෙ කාල සීමාවත් ටික ටික ගෙවිල යන නිසා.
ඉතින් වැඩිපුර කාලය කකා ඉන්න වෙලාවක් නැති නිසා හොඳම යාලු මිත්‍ර සෙනෙවියත් එක්ක රජා ගියා මන්තර කාරිහම්බ වෙන්න. ගිහිල්ලා ප්‍රශ්නය ඇහුවා. මන්තර කාරි තමන් උත්තරය දන්න බව කිව්වා. හැබැයි උත්තරයට ඉල්ලපු ගෙවීම ගැන අහපු රජාට හීන් දාඩිය දැම්මා.
මන්තර කාරිට ඕනැ උනේ රජාගෙ මිතුරු සෙනෙවියාව කසාද බඳින්න. ඒත් මන්තර කාරි කැතයි, කුදුයි, කටේ තියෙන්නෙ එක දතයි, හත් අවුරුද්දකින් නාල නැහැ. ඒ තරමට ගඳයි. රජා තීරනය කලා තමන්ගෙ යාලුව අමාරුවෙ දානවට වැඩිය සැපයි මැරෙන එක කියලා. එහෙම තීරනය අරන් එතනින් යන්න ලැහැස්ති උනා.
ඒත් සෙනෙවිය කැමති උනා මන්තර කාරිව බඳින්න. ඒ තරමට යාලුකම ලොකු උනා.


ඊට පස්සෙ කසාදෙ කෙරුනා, මන්තර කාරි උත්තරෙත් දුන්නා.

උත්තරේ උනේ මෙන්නෙ මේක :

ඇගේ ජීවිතේ ඇයටම පාලනය කරන ඉඩ දීම .....


හැමෝම පිලිගත්ත ඒක තමයි ඇත්ත කියලා. රජාට ජීවිත දානෙත් ලැබුන.

ඊලඟට තමයි අමාරුම හරිය.
රජාගෙ යාලු සෙනෙවිය මන්තර කාරිව කොහොම හරි අමාරුවෙන් බැන්ද කියමුකො. ඒත් ඉතින් මධුසමය කොහොමද ගත කරන්නෙ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනෙ. එන දේකට මුහුන දෙන්න බලාගෙන සෙනෙවියත් හෙමින් හෙමින් නිදන කාමරයට රිංගුවා.
සෙනෙවියගෙ ඇස් අදහගන්න බැරිඋනා. මෙන්න ඇඳ උඩ ඉන්නවා ලස්සන කෙල්ලක්. සෙනෙවියා මේ වගේ කෙල්ලක් ජීවිතේටම දැකල නැහැ.

ඔයා කවුද ? මම කසාද බැන්ද මන්තර කාරිට මොකද උනේ?

සෙනෙවියා ඇහුවා.

බයවෙන්න එපා. ඒ මමම තමයි. ඕනෙනම් මට පුලුවන් දවසෙන් භාගයක් මේවගේ ලස්සනට ඉඳලා ඉතුරු භාගෙ මන්තර කාරියෙක් වගේ කැතට ඉන්න. ඔයා කැමති කොයි විදියටද ? දවල්ට මේ වගෙ ඉන්නද නැත්නම් රෑට මේ වගෙ ඉන්නද ?

(මන්තර කාරි) ලස්සන කෙල්ල සෙනෙවියගෙන් ඇහුවා.



සෙනෙවිය ආපු වැඩේ පැත්තක දාල දහ අතේ කල්පනා කරන්න ගත්තා.

.... දවල්ට මම ගෙදර ඉන්නෙත් නැහැ, හතර වටේ ඕන තරම් ගෑනුත් ඉන්නවා. ඒත් රෑට මම මේකි එක්ක නිදාගන්නත් එපායැ....

ඔහොම තමයි සෙනෙවිය කල්පනා කලේ ....

ටිකක් හිතල බලන්න
(ඔයා පිරිමියෙක් නම්) ඔයාගෙ උත්තරය උත්තරය මොකක් වෙයිද ??
(ඔයා ගෑණියෙක් නම්) ඔයාගෙ සහකාරයගෙ උත්තරය මොකක් වෙයිද ??



සෙනෙවියගෙ උත්තරේ මෙන්න මේකයි.

හැබැයි ඉතුරු ටික කියවන්න කලින් අවංකවම ඔයාගෙ උත්තරේ හිතාගන්න.
සෙනෙවිය දන්නවනෙ රජාට ලැබුන උත්තරය. ඒ නිසා සෙනෙවිය මන්තර කාරිට කිව්වා

ඔයා කැමති තීරනයක් ගන්න. මමත් ඒකට කැමතියි.

කියලා.
ඊට පස්සෙ මන්තර කාරි මෙහෙම කිව්වා.

ඔයා ඇත්තටම මට ගොඩාක් ගරු කලා. ඒනිසා මම තීරනය කලා හැමදාම මේ විදියට ඉන්න

එදායින් පස්සෙ මන්තර කාරි හැමදාම ලස්සන පෙනුමට සෙනෙවියත් එක්ක ජීවත් උනා.


ප.ලි:

මේ කතාවෙන් කාරනා දෙකක් ඉස්මතු වෙනවා
1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා
2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා

Chinese Speaking To A Chinese Telephone Operator

Caller: Hello, can I speak to Annie Wan?



Operator: Yes, you can speak to me



Caller: No, I want to speak to Annie Wan!



Operator: Yes I understand you want to speak to anyone. You can speak to me. Who is this?



Caller: I’m Sam Wan. And I need to talk to Annie Wan! It’s urgent.



Operator: I know you are someone and you want to talk to anyone! But what’s this urgent matter about?



Caller: Well… just tell my sister Annie Wan that our brother Noe Wan was involved in an accident. Noe Wan got injured and now Noe Wan is being sent to the hospital. Right now, Avery Wan is on his way to the hospital.
Operator: Look, if no one was injured and no one was sent to the hospital, then the accident isn’t an urgent matter! You may find this hilarious but I don’t have time for this!



Caller: You are so rude! Who are you?



Operator
: I’m Saw Ree.



Caller: Yes! You should be sorry. Now give me your name!



Operator: That’s what I said. I’m Saw Ree

Mens Toilet

Mens toilet.


බොක බර දුක බර වී

උපුටා ගැනීමක්


හෙල බස දැන පර තෙරටම
ඉංගිරිසිය නොම දැනේ
පෙර දිනයක උන්නයි මම
ගමක දිවිය ගෙවමිනේ

වේග තැපෑලෙන් දිනයක
ලැබුණයි ලියුමක් මට
ඉල්ලුම් කල රැකියාවක
පළමු පරික්‍ශනයට

දහස් ගණන් මල් පිපුණා
මගෙ සිංහල හිත මත
ඉතින් බොළඳ හිත හැදුණා
යන්නට නගරය වෙත

සියක් පැතුම් පොදි බන්දා
සියක් පැතුම් සිත දරා
මවුතුමියට මම වැන්දා
ෆයිල් එකත් අත දරා

බුදු සරණයි මගේ පුතේ !!
උඹ ඉහළින් දිනනවා
ඉන්ටවු එක දිනං ඇවිත්
රස්සාවක් කරනවා

මේ කිරිබත් කට කාපං
උතුරු දිසා බලමිනේ
දකුණු පාදෙ පෙර තබපං
රාහු කාලේ මඩිමිනේ

අම්මන්ඩිගෙ සුබ පැතීම
එලෙසින් අවසන් වුණා
පේවීලා හදවතින්ම
මම උදෙන් පිටත් වුණා

මම ඉන්ටවු එක දිනමින්
රස්සාවද කරන්නේ
අරගන්නා මුල් පඩියෙන්
පවුලම ගොඩ දමන්නේ

මගදි වදින සිසිල් සුළන්
හිතේ හීන මවන්නේ
ඉන්ටවු එක වෙත හෙමිහින්
මමත් ගමන් කරන්නේ

ඉන්ටවු එක පැවැත්වෙනා
නගරේ පැක්ටරියට
බස් රථයෙන් පිටත් වුණා
මිතුරනි මම හනිකට

ඇතුල් වෙච්චි හැටියෙම මම
පැක්ටේරිය ඇතුළට
කොහොම කියමි වුණු දේ මම
රෙදි ඇඳගෙන ඔබ හට

උදේ කාපු කිරිබත් කට
ආමාශය මැද ඉඳන්
ගුද මාර්ගෙ වෙත යන්නට
පේළි සැදී ඇත බලන්

ඉවසාගන්නට හදද්දි
බඩ දඟලයි දෙවියනේ
ගතද හිතද බෙරිහන්දී
කෑගසනා බව දැනේ

එළි බහින්න ළඟ පාතක
කක්කුස්සියකුත් නැතේ
පිහිද ගන්නටත් මා අත
ලේන්සුවක් ළඟ නැතේ

පිළිගැනීමෙ කවුන්ටරය
උඩ කෙල්ලක් ඉන්නවා
ඇගෙන් අහල කක්කුස්සිය
ඇති තැන මම හොයනවා

කකුල් දෙකම තද කර මම
කටද තොලද හපමිනේ
කෙල්ල ළඟට ගෑටුවෙ මම
කඳු නගිනා විලසිනේ

සුදු නංගියේ මට ඉමහත්
බඩෙ අමාරුවක් ඇතේ
කක්කුස්සිය පෙන්වූවොත්
නංගියෙ උඹ බුදු වෙතේ

එනිතිං යූ වෝන්ට් සර්
ටෙල් මී ඉංගිරිසියෙන්
ටෝක් කරනු බැරිය සර්
මට කරෙක්ට්ලි සිංහලෙන්

ඇහිලා ඉංගිරිසි වදන්
ඇගේ මුවින් පිට වුණ
හිටියයි පුවකක් විලසින්
මම ගිරයට අහු වුණ

බුදු නංගියෙ පිං අත් වෙයි
විහිළු නම් කරන්නෙපා
වැඳ වැටිලා මං ඇඬුවයි
බදාන ඇගෙ සුදු දෙපා

ජස්ට මිනිට් වෙයිට් අයියෙ
මම ඩික් එක ගේනකම්
සර්ච් කරල කක්කුස්සියෙ
තේරුම මම හොයනකම්

කාට කියන්නද මම දැන්
විඳිනා දුක දෙවියනේ
පස්ස අත් දෙකෙන් අල්ලන්
මම සුසුමක් හෙලුවනේ

දරා ගන්න නම් බෑ මට
දැනෙනා මේ බර තවත්
මරා කන්න හිතුණා මට
මේ සෝබන කෙල්ලවත්

ඉරා ගතිමි මම එවිටම
හතර වරිගෙ නම්බුවත්
ජරා කළෙමි ඒ සැනින්ම
කෙල්ලගෙ දෙපතුල් ළඟත්

දහසක් නෙත් ඉන් පසුවෙන්
මගේ දෙසට යොමු වුණේ
නාස් වසා ලේන්සුවෙන්
සැවොම සිනාසෙනු පෙනේ

ගතින් මල පයින අතරේ
නෙතින් කඳුළු වැගිරුනා
ඉතින් මගෙ වරද මිතුරේ
ටිකෙන් ටිකම වැටහුණා

ඉංගිරිසිය බැරි හන්දයි
මම මේ ලෙස බලු වුණේ
සිංහලයෙක් වුණු හන්දයි
රෙද්දෙම ගූ පිටවුණේ

දුවං ගියෙමි මහ පාරට
කඳුළු සලා හඬමිනේ
බෙල්ල තැබුවෙ කෝච්චියට
අම්මව සිහි කරමිනේ

කෝච්චියේ හැප්පුණු මම
ලංකාවෙන් චුත වුණා
තවු තිසාවෙ අති උත්තම
දෙවියෙකු වී ඉපදුනා

හෙල බස රැක ගත්ත තැනා
මම දෙවි ලොව ඉපදුණේ
මට හිනැහුණු සියලු දෙනා
නිසි දඬුවම් ලැබුවනේ

පෑව සියලු දනන් එදින
ඉංගිරීසියෙන් හිනා
කොකු පණුවන් වෙමින් මෙදින
වැසිකිළියක ඉපදුනා

සුද්දා දුන් කඩුව අරන්
වැද්දා නොම නසන්න
පද්දා ඔබ සිහළ වදන්
සුද්දා කොර කරන්න

Where are these girls?


Sinhala knowlage


Can you hear me??

Hello

Don't bite my tale


Through it..

Through it...

Easy way

Easy way to keep it


Moon

Moon


Fever Tree

Fever tree


Myself

Way i'm doing


The END

The END


I like the style

I like the style